(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත් තමා එහි නොගිය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22) පැවසීය.
ඒ වරද සිදුවූයේ තමා අතින් බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් තමාට ඒ රැස්වීමේ තොරතුරු එදිනම සවස් කාලයේදි ලබා දුන් බව පැවසූ අගමැතිවරයා එතන කිසිදු ගැටළුවක් නැතැයිද සඳහන් කළේය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
රඹුක්කන සිද්ධියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වා. නමුත් ඒ රැස්වීමට අගමැති තුමා සහභාගි කරගත්තේ නෑ. ඒක තමයි ඇත්ත. අපි ඉදිරිපත් කරන සංශෝධනය ක්‍රියාත්මක කළානම් මේ වගේ තත්වයක් උදාවන්නේ නැහැ. අගමැතිතුමාට බලය ලැබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:
අගමැතිතුමා කැඳවලා තිබුණා. නමුත් එතුමට යන්න බැරි වුණා. විපක්ෂ නායකතුමා පුන පුනා කියන්නේ ටොම් පචයක්.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා:
නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඔව් මම කැඳෙව්වා. නමුත් මම ගියේ නෑ . ඒ වරද මගේ. ඒත් එතැන තොරතුරු ඔක්කොම මට පස්සේ දැනුම් දුන්නා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’ආරක්ෂක මණ්ඩලයට කැඳවූවත් ගියේ නෑ’’
kamal Friday, 22 April 2022 02:17 PM
ඕක වැදගත් ගමනක් නෙවෙයිනේ.., ඒකයි මම මගඇරියේ...
Kumara Friday, 22 April 2022 10:43 PM
දැන් ගෙදර යන එකක් නෑ...