IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.

ශීර්ෂයට පක්ෂව ඡන්ද 88ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වෙති.

ආරක්ෂක මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල  වැය ශීර්ෂ පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදය අද (28) දවස පුරා පැවැත්විණ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා විවාදය ආරම්භ කරමින්  කතා කළ අතර විවාදයේ පිළිතුරු කතාව කළේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.



අදහස් (1)

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

රෑටවැසියෙක් Saturday, 01 March 2025 08:25 AM

අතීතය ගැන කියව කියව ඉන්න එක දැන් මේ රජයේ ඇමතිවරුන් ගොඩක් දෙනෙකුගේ පුරුද්දක් විදියට තියාගන්න එපා. අතීත වැරදි නිසයි අලුත් රජයක් පත්කරගත්තේ ජනතාව. ඒ වැරදි ගොඩක් මිනිස්සු දන්නවා. ඒවා නැවත නැවත කියවන්න එපා. එපා වෙනවා අහලම. ඔබලාගේ රජය ශක්තිමත් කරගන්න. පරාතිවාදීන් අතෙන්ට ඇන්න. මෙතන මිරිකුවා කියලා කියව කියව ඉන්නේ නැතිව කොහාටවත් ගහන්න ඉඩක් තියාගන්නේ නැති විදියට ශක්තිමත් වෙන්න. විරුද්ධවාදීන් එහෙම තමයි මොනවා හරි කරල බලය ගන්නයි බලන්නේ. අනුන් සැක කිරීම, අනුන්ට වැරදි පැටවීම දැන් ඇති. ඒ මානසිකත්වය ඔය ඇමතිවරුන්ගෙනුත් ඉවත් කර ගන්න කියන්න. දැන් බැහැල වැඩ කරන්න කියන්න. කතාව දැන් හොඳටම ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 808 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site