IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්

(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා  ඒකාබද්ධ සිනමා  පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.

මේ හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය ඊයේ(09)වැනි දින සිට 15 දින දක්වා   උදේ  7.30 සිට සවස 5.30 දක්වා   කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා  පමණක් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ති‌බෙන අතර දිවා  කාලයේ දී ඇල්ල සිට බදුල්ල අතර මගීන් සඳහා  බස් රථ යොඳා ප්‍රවාහන පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තුමෙන්තුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ශනය ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව මෙම සිනමා  පටය රෑගත කිරීම් සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනා  ගමන) ඒන්.ජේ ඉදිපොළගේ මහතා පැවසීය.

ආරුක්කු නවය පාලම මත දුම්රිය තුළ ඊයේ(09)වැනි දින සිදුකළ පටිගත කිරීම් සඳහා ඉන්දියාවේ නළු නිළියක් රැසක් සහභාගි විය.



අදහස් (7)

ආරුක්කු පාලම උඩ ඉන්දු - ලංකා සලරුවක්

බද්රානි Wednesday, 09 October 2024 06:42 PM

සුද්දෝ උඹලට ඔය පාලම හදලා දීලා ගියේ ගමනාගමන පහසුවට මිසක්, ඕක උඩ ඉඳගෙන කෝලම් නටන්න නෙවෙයි... ගමනාගමනය නවත්වලා මෙවුන් මේක උඩ කෝලම් නටනවා දැක්කොත් සුද්දෝ උඹලාට පස්ස පැත්තෙන් හිනාවෙයි. වැල් පාලම් ගැලපෙන අයට, ආරුක්කු පාළම් හදලා දුන්නාම ඔහොම තමයි.. පල් මෝඩයින්!!

:       59       9

saki Wednesday, 09 October 2024 07:16 PM

මේ මොන විකාරයක්ද? කොයි රටේද මෙහෙම දේවල් වුණේ..?

:       41       5

Colombo Citizen Thursday, 10 October 2024 08:35 AM

ප්‍රවාහනය මිනිසුන්ගේ මූලික අයිතිවාසිකමකි. මොන විකාරයක්ද?

:       12       2

Lasa Thursday, 10 October 2024 09:03 AM

බද්‍රානි තාම සුද්දගේ කාලේ ජීවත් වෙන ලිං ගෙබි මානසිකත්වයෙන් දිවි ගෙවන තවත් එක වහලෙක් .රටක් වෙනස් ආකල්ප මත අලුතින් දේවල් කල යුතුය .මුදල් ලැබෙන නොමිලේ සංචාරක ප්‍රවර්ධනක් ලැබෙන සහ තවත් හොලිවුඩ් නිර්මාණ පවා ගෙන්වාගත හැකි මේවා මැජික් වගේ නේද ? තවත් මෙවැනි දේ රටෙහි සුන්දරත්වය නිදහස හා සංචාරක ආකර්ෂණය උදෙසා කලයුතුය.

:       3       15

CHINTHANA Thursday, 10 October 2024 09:19 AM

චිත්‍රපටිය හදන අය ලංකාවට සල්ලි ගෙවලානේ ඔය පාලම වෙන් කරගන්න ඇත්තේ .මේ රටට සල්ලි නැති වෙලාවේ ඉන්දියන් රුපියල් ලැබුනොත් පරිප්පු ටිකක්වත් ගන්න පුළුවන්

:       0       16

sukitha Thursday, 10 October 2024 10:23 AM

මහන්සි නොවී හම්බ කරන්නමයි බලන්නෙ. සංචාරක කර්මාන්තය, අම්මල සහෝදරියෝ, දුවල බැල මෙහෙවරකමට යැවීම කෝච්චිය නවතා කීයක් හරි හම්බ කිරීම

:       9       2

බද්රානි Thursday, 10 October 2024 01:55 PM

සුද්දා හදලා දීපු පාලම උඩ ඉඳගෙන, රේල් පාරත් වහගෙන, තමන්ගේ රටේ චයි වරුණේ ගැන ලෝකෙට කියන්න බක බක ගාන "LASA" මහත්තයලා වගේ අයගේ වර්චස් මානසිකත්වය ගැන හිතා ගන්න පුළුවන්... එක අතකට, සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා සුද්දෝ හදලා දීලා ගිය නුවරඑළියේ පෞරාණික වස්තුවක් වන තැපැල් කාර්යාලය විකුණගෙන කන්න දඟලපු පාලකයෝ ඉන්න රටක, පාලමක් හෝ වහලක් උඩට පැනගෙන සද්දෙට බක බක ගාන "LASA" වගේ ගෙඹි තඩියන්ට උත්තර දීලා වැඩක් තියනවද..? ටුවරිසම් ප්‍රවර්ධනය කරන්න කියලා සතියක් විතර මේ රටේ දුම්රිය මාර්ග සියල්ලම වසා දමා, අර කෞතුකාගාරයත් හෝටලයක් කරන චිත්‍රපටියක් රූපගත කළා නම්, මෙතන ඩිස්ලයික් දමමින් චූන් වුණු අයට තවත් වැඩිපුර චූන් වෙන්න ඉඩ තිබුණා..

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6154 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 348 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site