(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද වෛද්‍ය සේවාව හරහා සෞඛ්‍ය සේවාව මෙන්ම සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර ද ශක්තිමත් කිරීමට මහත් ශක්තියක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පැවැසීය.
ඌව පළාතේ ආයුර්වේද ප්‍රතිකාර සේවාවේ අද්විතීය සේවාවක් ඉටු කරන දියතලාව පළාත් ආයුර්වේද රෝහලේ 50 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සැමරුම් උත්සවයට අද (15) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී 50 සංවත්සර උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර පිළිබදව දැනුවත්භාවය ලබාදීම සදහා රෝහල් පරිශ්‍රයේ පැවැති ආයුර්වේද - 2025 ප්‍රදර්ශණය ද විවෘත කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රදර්ශනයේ ආයුර්වේද ප්‍රදර්ශණ කුටි සිය නිරීක්ෂණයට ලක් කළේය.
ආයුර්වේද රෝහලේ පැවැත්වෙන සායන වන ශ්වසන,කාස,පීනස් රෝග ,උගුර,කන,නාසා රෝග ,මානසික රෝග,කැඩුම් බිඳුම්,ගුදගත රෝග,ස්ත්‍රී රෝග,කටු චිකිත්සා,පක්ෂාඝාත, සන්ධිගත වාත රෝග,ළමා රෝග චර්ම රෝග,අම්ලපිත්ත,මධුමේහ සායන මෙන්ම ප්‍රජා පාදක ප්‍රතිකාර ඒකකය, පංචකර්ම ප්‍රතිකාර ඒකකය, ප්‍රතිකාර වාට්ටු, ගෙවන වාට්ටු ඇතුළු ප්‍රතිකාර සේවාවන් ද අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් කළේය.
කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ආරමිභ වූ මෙය පළාත් ආයුර්වේද මහා රෝහල දක්වා රෝහල දිගු ගමනක් පැමිණ ඇති බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රෝහල ආරම්භයේ සිට මේ දක්වා රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ දේශපාලන නායකත්වය, වෛද්‍යවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අගයන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ආයුර්වේදයෙන් වැඩ ගන්න හැටි සුව ඇමති කියයි