(රොමේෂ් මධුෂංඛ)
යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී පහරදෙන අයුරු වීඩියෝ කොට ටික් ටොක් සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
මීට දින 10 කට පෙර 54 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් කඩු ඇතුලු තියුණු ආයුධ වලින් පහරදෙන වීඩියෝවක් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග විශේෂ පරිකෂණයක් ඇරඹු කන්කසන්තුරෙයි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අදාල සැකකරුවන් 08 දෙනා අත්අඩංගුවට ගැනීම සිදුවිය.
පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යාපනනය ශික්ෂණ රෝහල වෙතට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට යවා ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවටද වෛද්‍යවරුන් පවසති.
කෙසේ වෙතත් අදාල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වන වීඩියෝව ආශ්‍රෙයන් පරික්ෂණ ඇරඹූ පොලීසිය අදාල සැකකරුවන් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සැඟව සිටි නිවාස වල සඟවා තිබූ කඩු, කෙටේරි, පොරෝ ඇතුලු තියුණු ආයුධද රැසක් සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ ක්‍රියාත්මක ආයුධ කල්ලියක ප්‍රභල සාමාජිකයින් බවට සැකපල කරන අතරම කන්කසන්තුරෙයි පොලීසිය විසින් ඔවුන් අද දින පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආයුධ වලින් පහරදී ටික් ටොක් කරලා:8ක් දැලේ