(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් "නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා" යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මෙය සංවිධාන කළේය.
මෙම සංවේදීකරණය සහ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන විවිධ කණ්ඩායම් වල නියෝජිතයෝ සහභාගී වූහ .
එහිදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දීම සඳහා පවතින අවශ්‍යතාවයන් පිළිබඳවද ඔවුහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.
නීති සම්පාදනය කරන ස්ථානයේ මහජන නියෝජිතයන් අතර අබාධ සහිත තැනැත්තන්ගේ පවතින ගැටලු හා ඔවුන්ට අවශ්‍ය විසදුම් පිළිබඳව දැනුවත් භාවය සහ සංවේදීකරණය ඇති කිරීම මගින් අවශ්‍ය වෙනස්කම් කළ හැකි බව තමන් විශ්වාස කරන බව මෙහිදී අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ආබාධ සහිත අය ගැන සංවේදී වෙන හැටි ’’මැති සබේට’’ උගන්වයි