පසුගිය සැප්තැම්බර් මස 07 වන දින ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර දී පැවැත්වුණු කෙටි චිත‍්‍රපට සම්මාන උළෙලකදී රටවල් ගණනාවක් අභිබවා ජය ගන්නට ශ්‍රී ලාංකීය තරුණයකුට අවස්ථාව උදාවුණා.
ජාත්‍යන්තර වශයෙන් අපේ රටට කීර්තියක් ගෙන දුන් ඔහු තමයි හසන්ත ප‍්‍රභූති දිසානායක නව පරපුරේ සිටින දක්ෂ කලා ශිල්පියෙක් වන ඔහු ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හදාරා තිබෙන්නේ.
වයස අවුරුදු 14 දී පාසලේ හොඳම වේදිකා නාට්‍ය නළුවා බවට පත්වෙමින් තම කලා දිවිය අරඹා ඉන් අනතුරුව සමස්ත ලංකා මට්ටමෙන් විද්‍යාලය නියෝජනය කරමින් හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම පිටපත් රචකයා බවට ද පත්ව කලා ක්‍ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසකට හිමිකම් කියා තියෙනවා.
ඒ සියල්ල සමගින් ක්‍ෂේත‍්‍රයේ දිගු ගමනක් යෑමට පෙරුම් පුරන හසන්තගේ සම්මානලාභී කෙටි චිත‍්‍රපටය වන "Disability is not a Disability" පිළිබඳ කතා කරන්න සඳැල්ල අපිත් අමතක කළේ නැහැ.
ඒ ජයග‍්‍රහණය පිළිබඳ ඔහු කතා කළේ මෙලෙසින්.
සිනමා හා රූපවාහිනි විෂයට මම ගොඩක් ඇළුම් කරනවා පොඩි කාලෙ ඉඳන්ම. ඒ ආශාව සහ උනන්දුව නිසාම තමයි මේ කෙටි චිත‍්‍රපටයත් නිර්මාණය කරන්න හිතුවේ.
උපතින්ම ආබාධිත දරුවන් පිරිසක් යොදාගෙන තමයි කෙටි චිත‍්‍රපටය කරන්න හිතුවේ. ඔවුන් ආබාධිත ලෙස හැඳින්වූවත් ඔවුන් තුළ සහජ හැකියාවන් ඇති බව පෙන්වන මිනිත්තු 5කට ආසන්න කාල පරාසයක දිවෙන චිත‍්‍රපටයක් තමයි මේ. "Disability is not a Disability" කියලා චිත‍්‍රපටය නම් කළේ.
ඕස්ටේ‍්‍රලියාවේ Nova Employment නම් රාජ්‍ය නොවන සමාජ සේවා සංවිධානය විසින් පැවැත්වුණු "Focus on Ability" නමින් හැඳින්වෙන ජාත්‍යන්තර කෙටි චිත‍්‍රපට උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙය ඉදිරිපත් කළේ. ලංකාව නියෝජනය කරපු මගේ චිත‍්‍රපටයට අමතරව එහි අවසාන වටය සඳහා ඉන්දියාව, ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, පෝලන්තය, පිලිපීනය, තායිලන්තය ඇතුළු රටවල් 18ක කෙටි චිත‍්‍රපට තේරිලා තිබුණා.
අවසාන වටයේ එම රටවල් සියල්ලම අභිබවා ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණයක් ගේන්න පුලූවන් වුණා. ජනප‍්‍රියම කෙටි චිත‍්‍රපටයට හිමි සම්මානය ලබා ගනිමින්, සැප්තැම්බර් 7 ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සම්මාන උත්සව පැවැත්වුණේ. එහිදී ලැබුණු සම්මානයත් අරගෙන ලංකාවට ආවම හරි සතුටක් දැනුණා. ඒ වගේම මගේ පාසල වන රිච්මන්ඞ් විද්‍යාලයෙන් උපහාර උත්සවයකුත් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා සම්බන්ධ වුණාම මගේ සතුට දෙගුණ තෙගුණ වුණා කියන්න පුලූවන්. මේ චිත‍්‍රපටය සඳහා මම ආචාර්ය මිරැුන්ඩා හේමලතා මහත්මිය සම්බන්ධ කර ගනිමින් එතුමියගේ ”දිරු දරු පියස” කලා ආශ‍්‍රමයේ දක්ෂ දරුවන් යොදාගෙන තමයි මෙම නිර්මාණය සිදු කළේ. ඇයට ඒ වෙනුවෙන් විශේෂ ස්තූතිය පුද කරන්න ඕනෑ.
මේ ජයග‍්‍රහණය මම තනිව ලබා ගත්ත දෙයක් නෙමෙයි. මේ පිටුපස ගොඩක් දෙනෙක් ඉන්නවා. මගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනාත් ජීවිතේට ලෙකු ශක්තියක් වුණා.
ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය වගේම ශිෂ්‍ය සහෝදර පිරිසත් ඒ වගේම සියලූම නැදෑ හිත මිතුරන් සියලූ දෙනාමත් ආදරෙන් සිහිපත් කරනවා. ඒත් එක්කම මගේ නාට්‍ය ගුරුවරුන් සියලූ දෙනාත් ජයලත් මනෝරත්න මහතා, අෂේන් මංජුල, නුවන් නයනජිත් ඇතුළු මට දිරිදුන් හැම කෙනෙක්ටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
ධනූ විජේරත්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආබාධිතයන් ආබාධිත නොවන බව පෙන්වූ චිත‍්‍රපටයට සම්මානයක්