IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආදරය නොලැබුණැයි පිහියෙන් ඇනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට  පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්) පිහියත් සමග අත්අඩංගුවට ගත් බවත් බවත් නාරාහේන්පිට පොලීසිය කියයි.

තුවාල ලද තරුණිය නාරාහේන්පිට මිනින්දෝරු කාර්යාලයේ පාලන අංශයේ සේවය කරනු ලබන පින්නදුව වලහන්දූව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

සැකකරු හා තුවාල කාරිය  ගාල්ල සිට නාරහේන්පිට දක්වා අධිවේගී මාර්ග ඔස්සේ බස් රථයෙන් පැමිණ ඇති අතර තුවාලකාරිය නාරහේන්පිට කිරුළ පාර මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටින් බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වීමේ දී ඇය අසලට පැමිණ තිබූ සැකකරු බෑගය තුළ දමාගෙන ආ රම්බෝ වර්ගයේ පිහිය පිටතට ගෙන ඇයගේ ශරීරයේ ස්ථාන කීපයකට ම පහර දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම පිහියෙන් පහර දීමෙන් තරුණියගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශය , වම් කකුලෙ දණහිසෙන් පහළ ප්‍රදේශය  තුවාල සිදුවී තිබු බව පොලිසිය කියයි.

 



අදහස් (3)

ආදරය නොලැබුණැයි පිහියෙන් ඇනලා

Pradeep Kumara Tuesday, 07 November 2023 08:35 AM

ආදරේ එහෙම ගන්න තරම් ලාබ දෙයක් නෙමෙයි පුතා. අනික ඔයා හරියට ආදරය කරලා නෑ. ඔයා ආදරණීය කෙනෙක් නම් කවදාවත් ඔහොම දෙයක් කරන්නේ නෑ. ඒ තරුණිය ඔය වගේ කෙනෙකුට අකමැති වුන එක සාධාරණයි.

:       0       13

Rohana Tuesday, 07 November 2023 01:32 PM

අසම්මත ආදරයක් වගෙයි. මේවාට විසදුම පිහියෙන් කෙටීම නොවේ. තමන්ගේ ක්‍රියාවන් කොතරම් වැරදි සහගත දැයි නැවත සිතා බලන්න.

:       0       7

Chandima Tuesday, 07 November 2023 07:12 PM

අන්න පොරවල්. හදවත ඉල්ලුවා ඉල්ලුවා දුන්නේ නැහැ.. ඒ නිසා කපලා හරි අරගන්නවා කියලා හිතාගෙන තමයි ඇවිත් තියෙන්නේ... හොඳ වෙලාවට ඒක තියෙන තැන මිනිහා දැනගෙන ඉඳලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site