IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආතතිය වැඩි වි ගුරුවරියෝ දෙදෙනෙක් සේවය හැර යති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වර්තමානයේ උද්ගත වී ඇති නොයෙකුත් ප්‍රශ්න හමුවේ ආතතියට පත් ව සිටින බව කියමින් තවදුරටත් ගුරු වෘත්තියේ යෙදීමට හැකියාවක් නැතියි හලාවත අධ්‍යාපන කොට්ඨාසය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු සේවය අතහැර යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය.

මෙයින් එක් ගුරුවරියක් ඉල්ලා අස්වීමේ ලිපිය අදාල විදුහලේ විදුහල්පතිවරයාට ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් ගුරුවරිය ගේ සේවය අත්හිටුවා ඇතැයි ද එම විදුහලෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

අනෙක් ගුරුවරිය ඉල්ලා අස්වෙන බව විදුහල්පතිවරයාට පවසා එම ඉල්ලා අස්වීමේ ලිපිය ලබන පාසල් වාරය ආරම්භ වීමෙන් පසු බාර දෙන බව දැනුම් දීමක් කර ඇතැයිද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (7)

ආතතිය වැඩි වි ගුරුවරියෝ දෙදෙනෙක් සේවය හැර යති

Prabha Friday, 30 December 2022 11:48 PM

බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ විශ්‍රාම වැටුප බලාපොරොත්තුවෙන් මිස රැකියාවට කැමැත්නේ නොවේ.

:       3       14

Uthpala liyanage Saturday, 31 December 2022 06:25 AM

ලංකාවේ මොන රැකියාවද ආතතිය නැත්තේ. දේශපාකයන්ට හැර.

:       4       15

ආරියදාස Saturday, 31 December 2022 06:37 AM

ඉල්ලා අස්වෙනවා කියලා ලිපියක් දුන්නොත් කරන්න තියෙන්නෙ සේවය අත්හිටුවීම නොවෙයි එහෙම වුනාම සිදුවන පාඩු හා ඇතිවන බලපෑම් ගැන දැනුවත් කිරීමයි. ඉන් පස්සෙ මාසයක් කල්දී නැත්නම් මාසික වැටුපට සමාන මුදලක් ගෙවීමට දැන්වීමයි.ඒවා නොකර සේවය අතහිටුවලා හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ මෙයට අදාල පාසැලේ විදුහල්පතිගේ කුමක් හෝ අනිසි බලපෑමක් තියෙනවාමයි කියලා. එහෙම නම් සේවය නතර කිරීම තවත් බරපතළ වැඩක් කියන්න පුළුවන් විමර්ශනයක් කලයුතුය.

:       0       20

ජයන්ත Saturday, 31 December 2022 07:05 AM

මේ තත්ත්වය රට පුරාම තිබෙනවා . වර්තමානයේ රටේ පවතින තත්ත්වය විතරක්ම නෙවෙයි . බොහෝ පාසල්වල විදුහල්පති වරු පාසල් කලමණාකරනය පැත්තෙන් ඉතාමත් දුර්වලයි . ජාතික පාසල් වල තත්ත්වය ඉතා බරපතල යි. විවෘත තරග විභාගයෙන් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගත් අයගෙන් 95% විතර අකාර්යක්ෂම යි. ඔවුන් පාසල් සහ අධ්‍යාපන කාර්යාලවල දුර්වල පාලනයක් ගෙන යාමේ ප්‍රතිඵලය ආයතනවල කාර්ය මණ්ඩලය ආතතියකට පත් වීම යි. ඒ නිසා මේවායේ පරිපාලනයට ගුරු සේවයේ යෙදෙන අයගෙන් ම විභාග පවත්වා තෝරා ගන්න . ඔවුන්ට අධ්‍යාපන ක්ෂෙත්‍රය ගැන අවබෝධයක් තිබෙනවා . විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිත් විභාග පාස් වුනාට ඔවුන්ට අධ්‍යාපන ක්ෂෙත්‍රය ගැන අවබෝධයක් නැති තරම් .

:       2       6

ප්‍රේමරත්න Saturday, 31 December 2022 07:26 AM

මෙවැනි දේවල් රාජකාරි අනුව හා පුද්ගලික හේතු මත වෙනවා පුළුවන්. නිදර්ශනයකින් කියන්නෙ කාලෙකට පෙර අතිදුෂ්කර පාසැලක වෙනත් පැළාතකින් පැමිණි තරුණ අවිවාහක ගුරුවරියක් හිටියා. විදුහල්පති අවිවාහක අධික දුම්පානය කරන ඉතාමත් අපිරිසිදු පුද්ගලයෙක්. ඉතින් මේ පුද්ගලයා අර අහිංසක තරුණිට විවිධ බලපෑම් කලා. අන්තිමේ කරන්න දෙයක් නැතුව දෙදෙනා විවාහ වුනා විවාහය සාර්ථක නැහැ .මේ සිද්ධිත් එහෙමද කියන්න බැහැ. එහෙම නැත්නම් කුඩා දරුවො සිටින අම්මලා වෙන්න පුළුවන්. ඒකටත් උදාහරණයක්. සබරගමුවේ පාසැලක කොළඹ පදිංචි කුඩා දරුවෙක් සිටින ගුරුවරියක් හිටියා මාරුවක් ගැනීමට දේශපාලන බලවතෙක් කොතෙක් ඉල්ලීම් කලත් ඉඩක් දුන්නෙ නැහැ. ඒත් එම දේශපාලුවො රත්නපුර දිස්ත්‍රික්කයේ පදිංචි කොළඹ පාසැලක සේවය කරන තරුණ ගුරුවරයෙක්ට කොළඹට ක්ෂනිකව මාරුව හදල දුන්නා. එහෙම එකක්ද කියන්න බැහැ. තවත් එකක් තමයි කළාපයේ සමහරක් අධ්‍යක්ෂකලා ඇහැට කනට පේන තරුණ ගුරුවරියන්ට විවිවිධාකාරයෙන් බලපෑම් කරනවා. උදාහරණ කිව්වොත් පත්තර පිටු ගණනක් ලියන්න වෙනවා. එනිසා යම් බලධාරියෙක් සිටීනම් මේ ගැන අවධානයට යොමුවේවා.

:       0       11

de silva Saturday, 31 December 2022 09:41 AM

කරන්න් බැරි නම් ඉවත්වෙල යන එක සධාරණය. සමහර ගුරුවරුන්ට මුකුත් කරගන්න බැහැ. නිකම්ම නිකම් කාලය කමින් පඩි ගන්නව. අසරන සිසුන් අමාරුවේ දමමින්.

:       8       3

Prase Saturday, 31 December 2022 10:26 AM

අනේ හොඳයි, නැත්තම් ළමයින්ටවත් ඉන්න හම්බවෙන එකක් නෑ...

:       8       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site