IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල්ට දොස් පැවරීමෙන් රටේ උද්ගත වී තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන බවද අබේවර්ධන මහතා කීය.

ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ එජාප ක්‍රියාකාරී හමුවකට එක් වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මේ මස 25 සහ 26  දින දෙකේ ගාලු දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ආවරණය වන පරිදි  බලමණ්ඩල රැස්වීම් පවත්වන බව කී එජාප සභාපතිවරයා ඉදිරියට මොන වගේ කාලයක් උදා වේදැයි ජනතාව තමාගෙන් ප්‍රශ්න කරන්නේ යැයිද ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැති අතර රට යන දිශාව ගැන ජනතාවට හොඳින් පෙනෙන්නට තිබෙන බව පැවසීය. පාර්ලිමේන්තුවට අත්දැකීම් සහිත පිරිසක් යවන්නැයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා පුන පුනා කීවේ මේ හේතුව නිසා බවද වජිර අබේවර්ධන මහතා කීය.



අදහස් (14)

ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා

Mahajanathawa Wednesday, 15 January 2025 01:02 PM

අනේ, කුක්කු පැටියා එන්න කියන්න නළවන්න...!

:       26       44

අරවින්ද මොනරවිල Wednesday, 15 January 2025 01:39 PM

බැනලා වැඩක් නැහැ සියළු දඬුවම් දුන්නත් කමක් නැහැ.

:       15       37

Pankumburage Wednesday, 15 January 2025 02:23 PM

මෙයාට නම් තියෙන්නේ හොයා ගන්න බැරි ලෙඩක්. කිව්වොත් කියන්නේ තකතීරු කථාවක්...!

:       11       28

මැක්ස් Wednesday, 15 January 2025 02:40 PM

අනුන්ට දොස් පැවරීම හැර වෙනත් දෙයක් නොදන්නා මාලිමාන්ඩුව වෙන් කරන්න...

:       7       19

janahithaThursday, 10 April 2025 10:41 AM

බැංකු කඩන්න දන්නෙත් නැහැ, ශ්‍රිලන්කන් වන්දි මුදල් ගසා කන්න දන්නේත් නැහැ, භාණ්ඩාගාරයේ සල්ලි පොහොටුවට බෙදලා දෙන්නද දන්නේ නැහැ .අනේ මන්දා වෙන් කරමු , රට හදමු, වලිගේ උස්සමු!

:       0       0

ගමේ එකාලා Wednesday, 15 January 2025 02:50 PM

මොලේ විකාර වෙලා දොඩවනවා. පින් ජනපතියගේ පළපුරුදු සහ අත්දැකීම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       13       16

Kamal Koyrala Wednesday, 15 January 2025 02:55 PM

"ආණ්ඩුව නොවේ අලියා කොහේද? පොහොට්ටුවට මොකද්ද කලේ කියලා ඇහුවොත් බනින්නේ ආණ්ඩුවද කියලා දැනගන්න පුළුවන්."

:       7       10

karolis Wednesday, 15 January 2025 02:59 PM

මාලිමාව සමූපකාර ඡන්ද පරදින්නේ ඒක තමයි

:       6       15

පොරෝලිස්Wednesday, 15 January 2025 03:54 PM

කරෝලිස් ගොයියෝ, ඔය දිනුවා කියන සමූපකාර මාසෙකින් අකුරැස්ස සමූපකාරය වගේ කරලා පෙන්නන්නත් කියන්න. මෙයාලාට දැන් මරණාධාර සමිතියක් දිනුවත් මහ ලොකුයි...

:       14       14

ravin Wednesday, 15 January 2025 03:50 PM

පිදිය යුත්තන්ට පිදීම ලංකාවේ පුරාණයේ සිට පැවතෙන ලොව පිළිගත් චාරිත්‍රයක්...

:       0       9

janahithaThursday, 10 April 2025 10:44 AM

හත්වලාමේ බැංකුව කැඩුවා… හිස් උනාම මහින්ද මහත්තයත් එක්ක එකතුවෙලා බදු පිට බදු පනවලා, IMF එකෙන් සල්ලි අරං ඒකත් ගසා කෑවා … පොහොටුවට වාහන බෙදා දුන්නා… හෙන ගහන අපරාධය!

:       0       0

p.siriwansa silva Wednesday, 15 January 2025 04:54 PM

ඔබලා කළේත් ඔය ටිකමනේ...!

:       5       0

Wimukthi Wednesday, 15 January 2025 05:46 PM

ආණ්ඩුවේ මන්ත්‍රීලා සහ අනුගාමිකයින් මොනවා කිව්වත් වරදක් නැහැ. කියමුකෝ ඒත් සංඝයා වහන්සේ කෙනෙක් පසුගිය පසළොස්වක පොහොය දවසේ පෙහෙවස් සමාදන්වෙලා හිටපු උපාසක උපාසිකාවන්ට බණක් හැටියට කියලා තියෙන්නේත් රනිල්ගේ වැරැදි කියලා බැනීම පමණයිනේ... පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානම ජාතික පාසලක බණ වදාරන ගුරුතුමෙකු තමන්ගේ ගමේ දායකයින්ට මාලි..ට ඡන්දය නොදී පංසල පැත්තේ එන්න එපා කියලා තහනමකුත් දාලා තිබුණා කියලා ආරංචි වුණා..

:       1       3

janahithaThursday, 10 April 2025 10:45 AM

රනිල් හොඳා කියපල්ලා , සමාදම් වෙයල්ලා , දේශපාලන බණ අහපල්ල, රට ගොඩ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site