(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ කොමිසමට ඇඟිලි ගසමින් මැතිවරණ සියල්ලම කල් දැමූ ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාව ඉවත් කර ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධි දූෂිත වැඩපිළිවලක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
පොහොට්ටු ආණ්ඩුව විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කර ගෙන ගිය දූෂිත වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ඒ ආකාරයෙන්ම කරගෙන යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දේ ලබා දුන්නේ ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් විදුලි බිල රජයට අවශ්‍ය ලෙස වැඩි කිරීමට කැමති පිරිස පමණක් බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
පොදුජන පෙරමුණේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ ජන වරමක් නොමැති ජනාධිපතිවරයා පොහොට්ටුවේ අවශ්‍යතාවයන් ඉටු කරමින් යන බව මේ මගින් වඩාත් තහවුරු වූ බවත් අබේසිංහ මහතා කීවේය.
ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී දූෂිත වැඩපිළිවල පරාජයට පත් කිරීමට ඉදිරියේදී විපක්ෂයේ පක්ෂ සමග තවදුරටත් ශක්තිමත්ව මුහුණ දෙන බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ආණ්ඩුව ස්වාධීන කොමිසන් නැති කරනවා‘‘
සසර Thursday, 25 May 2023 07:36 AM
අද පත්තරේ දේශපාලන පුවත් 6ක් විතර පොටෝ එක්කම දාලා. මුන් ජනතාව අතරට යන්නේ නැතුව ආතල් එකේ ඉන්නවා. මීඩියා වල නිව්ස් එකක් දානවා ඉදලා හිටලා... දේශපාලන මාෆියාව ...