ඇවන්ගාඩ් අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංඛ සේනාධිපතිගෙන් තමන් මුදල් ඉල්ලා සිටියේයැයි ද, එම මුදල් නොදුන් නිසා ඇවන්ගාඩ් සමාගමට චෝදනා කරන්නේයැයි ද එල්ල කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග ඇමැතිවරු පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කළහ.
ගිනි අවි ආඥා පනත හෝ පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතෙහි සඳහන් ආකෘතියට අදාළ අවි ආයුධ බලපත්‍රයක් ඇවන්ගාඩ් සමාගම සතුව නොතිබීම ඇතුළු හේතු හතක් තමන් එම සමාගමට එරෙහි වූ බව ද ඇමැතිවරුන් කළ පැමිණිල්ලේ සඳහන් ය.
නයිජීරියාව ඇතුළු රටවල් සමග ශ්‍රී ලංකා රජය එළඹිය යුතු ගිවිසුම්වලට ඇවන්ගාඩ් සමාගම ඇතුළු වී ඇති බව ද, එම සමාගමට පමණක් මුහුදු ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරය ලබා දීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට ලැබිය යුතු මුදල් අහිමි කර ඇති බව ද, අති විශාල ස්වයංක්‍රීය අවි තොගයක් පෞද්ගලික සමාගමක නීති විරෝධීව පැවැතීම මගින් රාජ්‍ය ආරක්ෂාවට හා කලාපීය ආරක්ෂාවට අනතුරක් සිදුවන බව ද ඇමැතිවරුන් පොලිසියට දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ආණ්ඩුවේ වැඩත් ඇවන්ගාඩ් බාර අරං‘
යසිරු Tuesday, 24 November 2015 10:52 PM
මහජනතාව මේවාට නිසි පිළිතුරු දෙනු ඇත (නි)
නිහාල් Tuesday, 24 November 2015 10:56 PM
කවුද ඇත්ත කියන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
සුසන්ත Wednesday, 25 November 2015 12:25 AM
රටට ඉතා විශාල විදේශ විනිමයක්, රජයට ආදායමක්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ගෞරවාන්විත රැකියාවක් දුන් සමාගමක අවසානය! වැරදි කරලා නම් ඒවාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමුත් ලාබ ලබන ව්‍යාපාර නැවතීම වැරදියි. (නි)
හෆීල් Tuesday, 24 November 2015 11:20 AM
මෛත්‍රී ජනපති ඇතුලු ඔබ තුමාලා ඉතා අවංකයි. නමුත් වර්තමාන රජය දුෂිතයන්, වංචාකාරයන් සම්බන්ධව කටයුතු කරන ආකාරය ජනතාවට සෑහීමට පත්විය නොහැකියි. (ර)
සාගල Tuesday, 24 November 2015 11:34 AM
පාටලී චම්පික කවදාහරි රටේ නායකයා විය යුතුය. (ර)
ඉන්දික Tuesday, 24 November 2015 12:06 PM
ලංකාවේ මිනිස්සු තාමත් මේ දේශපාලකයන්ට රැවටෙනවනේ. රැවටෙනෙනවා මදිවට එයාලගෙන් සමාජ සදාරණය බලාපොරොත්තු වෙලා නොලැබෙනකොට බැන බැන ඉදිවී. (ර)
නුවන් Tuesday, 24 November 2015 12:10 PM
අනේ අපි දන්නෙ නැහැ මේවා (නි)
රතන Tuesday, 24 November 2015 12:24 PM
ඔය ගියපු දේවල් නැවත ලබාගන්න පුළුවන්ද මිනිසුනේ. පුළුවනි නම් නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ. සිංහල අය අතරේ එකමුතු කමක් නැතිනිසා කාලයක් මේ රටේ දියුණුවක් නැත. (බ)
රොහාන් Tuesday, 24 November 2015 12:54 PM
මෙයාලා රටට ආදරේටද මේවා කරන්නේ? ආයෙත් ඔයාලට අපේ ඡන්ද නම් නැහැ හොඳේ (නි)
ඇසළ Tuesday, 24 November 2015 12:59 PM
ඇවන්ගාඩුත් අවසානයි වගේ (නි)
සේන Wednesday, 25 November 2015 12:48 PM
සාගල, වර්තමාන දේශපාලන කතිකාවත ගැඹුරට අධ්‍යයනය කළහම ඔයාටම වැටහෙයි ඔයා ඉන්නේ කොතනද කියල. (බ)
විල්සන් Tuesday, 24 November 2015 02:47 PM
නිශ්ශබ්දව සිටීම තමයි හොඳම දේ (නි)
කැළුම් Tuesday, 24 November 2015 04:33 PM
මේ ඇවන්ගාඩ් ප්‍රශ්නය අවසන් වෙන්නේ කවදාද? (නි)