පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන් මර්දනය කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
කුමාර් ගුණරත්නම් පිටුවහල් නොකරන ලෙසත් ඔහු ලංකාවේ පුරවැසියෙකු ලෙස පිළිගන්නා ලෙසත් බල කරමින් කොටුව දුම්රියපල ඉදිරියේ නොවැම්බර් 13 දින සිට පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය නැවැත්වීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් පතා ඇතැයි ද ඔහු පවසයි.
‘මෙම උද්ඝෝෂණය සඳහා අට්ටාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පොලීසිය නඩුවක් පවරා ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන්ට මෙන්ම කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ නැගණියට සහ තවත් වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන්ට අද (18) උසාවියට කැඳවා ඇත. දුමින්ද නාගමුව, ධර්මසිරි ලංකාපේලි, නිරන්ජනී ගුණරත්නම්, අජිත් කුමාර සහ සංජීව බණ්ඩාර ද ඒ අතර වෙති.‘
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුව පෙරටුගාමීන් මර්දනය කරනවාලු
පරාක්‍රම Thursday, 19 November 2015 05:51 AM
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
ඉසුරන්දි Thursday, 19 November 2015 06:37 AM
දැන් ඔය ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට මෙහෙ පුරවැසිකම වලංගු කරනවයි කිව්වා නේද?(හේ)
දුමින්ද Wednesday, 18 November 2015 09:15 AM
ඔහු කොටි ත්‍රස්තවාදීන් ටත් වඩා දරුණු කෙනෙක්ද ? (ම)
විකුම් Wednesday, 18 November 2015 11:00 AM
මට නම් කියන්න දෙයක් නැහැ (නි)
ඇලෙක්ස් Wednesday, 18 November 2015 06:44 AM
මේ ප්‍රශ්නයේත් අවසානයක් නැති හැඩයි (නි)
සමන් Wednesday, 18 November 2015 06:54 AM
මේක ත්‍රස්තවාදීන් ගේ ක්‍රියා කලාපයන් සාධාරණීකරණය කරන්න යනවා වගේ වැඩක්. හොර පාස්පෝට් වලින් රටට අාපු එක වැරද්දක් නොවේ කියලද කියන්නේ. එය ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙක් නම් අපේ රටේ එයාට තියන දේශපාලන වැඩ මොනවද. ද්විත්ව පුරවැසි හිමිකම් නැති කළ යුතුයි. ද්විත්ව පුරවැසිකම් තියන අයට ලංකාවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම් තහනම් කළ යුතුයි (බ) .
අමිත Wednesday, 18 November 2015 07:25 AM
මේ අයට තේරෙන්නේ නැත්තේ ඇයි කුමාර් ආගමන විගමන නීති කැඩුව බව. ඒවාගේම ඔහුට දේශපාලනය කරන්න නම් ඔහු ශ්‍රීලංකාවේ පුරවැසිභාවය ලබාගත යුතුබවත්. බොරු සටන් පාඨ නැතිව ලංකාවේ නීතියට ගරුකරලා වැඩකරන්න. එතකොට ජනතාව තේරුම් ගනියි වැරුද්ද කරන්නේ කවුද කියලා. (ස)
මනෝ Wednesday, 18 November 2015 07:33 AM
අදමනේ ඇහුවේ උද්ඝෝෂණය කළාම විජාතිකයෙක්ව ලංකාවේ කියලා පිළිගන්න පුළුවන් කියලා. එහෙනම් පුරවැසිභාවය, වීසා එහෙම ඕන නැහැ.(ම)