IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ආණ්ඩුවේ ආර්ථික වැඩ හිතුමතේ විවේචනය කරන්න එපා

(අංජුල මහික වීරරත්න)

විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුලේ සිට කළ යුතු යැයිද කීය.

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා.මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි.

ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් අප දිරි ගන්වනු ලැබුවා.මේ නිසා අපේ ආර්ථික වර්ධන වේගය අද සියයට පහ දක්වා පැමිණ තිබෙනවා.ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහා බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේද සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා.

රටේ ධාරිතා භාවිතය තවත් වැඩි කරන්නට ක්‍රියා කළ සෙසු සියලු දෙනාටත් අප ස්තූතිවන්ත විය යුතුයි.

රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් අපට බදු ආදායම් ලෙස ලැබී තිබෙනවා.එයත් අපේ ආදායම වැඩි වෙන්නට හේතු වුණා.

මේ සියල්ල අපට කරන්නට හැකි වුණේ අයි.එම්.එෆ් සංවිධානය සමඟ තිබූ ගිවිසුම තුළයි.ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි.ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැහැ.එලෙස කලොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා.

විශේෂයෙන්ම දෙසැම්බර් 20 වැනිදාට පෙර අප අලුත් ජාත්‍යන්තර බැඳුම් කූපන් නිකුත් කරන්නට යනවා.ඒ කටයුතු සියල්ල දැන් අවසානයි.අපට දැන් තිබෙන්නේ බංකොලොත් භාවයෙන් මිදුණු බවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි.

ඉන් පසුව බැංකු වලිනුත් ඊට වුවමනා සහන පියවර ගන්නවා.

ඒ සමගම ජනතාවට සහන දෙන්නත් වුවමනායි.අප මේ ගැන කලිනුත් කතා කළා. ඒ හැකි සහන කඩිනමින් දිය යුතුයි.

 



අදහස් (15)

ආණ්ඩුවේ ආර්ථික වැඩ හිතුමතේ විවේචනය කරන්න එපා

පිටරටවැසියා Friday, 20 December 2024 12:12 AM

මෙයා මගුලක් කියනවා. ආණ්ඩුවේ වැඩ අනුර බලාගනියි. විපක්ෂයේ වැඩ සජිත් බලාගනියි. ඔයා පව් නොදී ඔයාට මොකද වුණේ කියලයි, ඔයාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකටයි මොකද වුණේ කියලා බලාගන්නවාද? ඒ අතරතුර සාගලත් එක්ක පොඩි ආතල් එකක් ගන්න, හොඳේ...! 

:       3       13

කුකුල් චමින්ද Friday, 20 December 2024 12:14 AM

ගෙදර ඇරලත් කරුමෙක මහත !!!

:       2       13

WCA Friday, 20 December 2024 12:36 AM

කව්ද ඉස්සර ගෝඨා ගැසට් ගහනවා වගේ විනාඩි 5න් 5ට ප්‍රෙස් රිලීස් දෙන්නේ... හිටපු කාලේ වටේ ඉන්න අයට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු කෙනා...

:       2       8

විජිත් Friday, 20 December 2024 01:42 AM

මෙයා නම් මහා කරදරකාර නාකියෙක් !!! සීයේ රටේ ආර්ථිකය ගැන කතාකරන්න දැන් බලයක් නැහැ. IMF එක ගෙනාවා කීවාට IMF එක ගෙනාවේ කපුටු බැසිල්. දැන් කාලේ ඉවරයි. අටවාගත්ත පක්ෂයත් ඉවරයි. ජාතික ජනබලවේගය ආණ්ඩුව ක්‍රමයෙන් මේ රට වාසනාවන්ත රටක් කරනබව දැන් කවුරුත් විශ්වාස කරනවා.

:       4       10

සුපුන් චාමර Friday, 20 December 2024 05:32 AM

පොර තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා...

:       4       10

යෝගාFriday, 20 December 2024 04:16 PM

ඇත්තටම එයා තමයි නිල නොලත් ජනාධිපති. බොරු නම් අනුරගෙන් අහලා බලන්න..!

:       11       1

බකල ජයා Friday, 20 December 2024 05:49 AM

සර්ට පුළුවන්ද බැංකු කැඩීමේ ප්‍රතිවිපාක ගැන විවේචනය කරන පාඨමාලාව ආරම්භ වෙන දිනය කියන්න... ස්තූතියි.

:       5       11

wimal Friday, 20 December 2024 07:42 AM

මහ ලොකු මිනිහ වගේ කියන්නෙ අහවල් රාමුව ඇතුළෙ ඉන්න ඕනෙ කියල.එක්තරා පක්ෂයක් මුල සිටම කීවා ඔය ණය උගූලේ අපේ රට සිර කරන්න එපා කියා.

:       1       3

Bunny Preena Friday, 20 December 2024 09:28 AM

රට පාලනය කළ දේශපාලුවන් අවංක නොවූ වංචනිකයින් පිරිසක්.. ඒ අය නිසයි අපේ රට මෙවැනි තත්වයකට පත්වුණේ... සිංගප්පූරුව, කොරියාව, ජපානය සහ මැලේසියාව මෙයට කදිම උදාහරණ. දැන්වත් හැම දේශපාලුවන් ඇතුළු රට වැසියන් සියලු දෙනාම අවංකවම සොරකම්, වංචාවන්, නොකර වැඩකටයුතු කරන්න පෙළඹුණොත් අපිටත් ඉහත කී රටවල් වගේ දියුණු වෙන්න පුළුවන්.

:       1       8

Channa Friday, 20 December 2024 09:43 AM

ඔබතුමාට අපගේ ප්‍රණාමය... ඉතා කෙටි කලකින් දූරදර්ශී වැඩ පිළිවෙළක් තුළින් මෙතරම් ශක්තිමත් කළාට , සහ අවබෝධාත්මක අදහස් ජනගත කරනවට...

:       15       6

යෝගා Friday, 20 December 2024 10:09 AM

ඔව්, මම කියලා තියෙන විදියට පිටින් දෙයක් කළොත් විතරක් අනුරව විවේචනය කරන්න. දැනට නම් කොල්ලා සුවචයි කීකරුයි. දැන් මාලිමාවේ එල්ලිලා ඉන්න 68 ලක්ෂේ බයියෝ ටික මේක තේරුම් ගන්න සෑහෙන කල් යයි..! 

:       20       4

Rata Perata Friday, 20 December 2024 11:09 AM

අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න උත්සාහ කරන්න එපා... ඔයා අදක්ෂ, දුර්වල දේශපාලකයෙක්... එච්චරයි. ඒක ජනතාව කීපවරක්ම පෙන්නලා දීලා තියෙනවා.

:       6       18

සෙනෙවිරත්න Friday, 20 December 2024 11:52 AM

ඔබතුමගෙ අවවාදය ගැන සතුටුයි. ඒක තමන්ටත් අදාළ කරගන්න

:       6       21

Perera Friday, 20 December 2024 02:01 PM

මෙයා බොහෝ කලක සිට අවලංගු කාසියක්, වෙන දේවල් නැතුවටද මේවා කියන්නේ..!

:       7       15

රුවන් Friday, 20 December 2024 04:56 PM

රනිල් වික්‍රමසිංහ කියලා කෙනෙක් ඇමරිකාවේ ඉපදුණා නම් මේ වෙද්දි එක්කෝ ජීවිතාන්තය දක්වා හිරේ, නැත්තං මරණ දඩුවම දීලා ගොඩක් කල්. එකට ලංකාවේ, චන්ද්‍රිකා දැන් දැනත් වධකයා කියලා දඬුවම් දුන්නේ නෑ. අදට අවුරුදු 27ක්... ෆයිල් එක තාම තියෙනවා.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 181 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 422 1

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 618 1

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 127 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1687 1

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 77 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1205 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site