IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත්  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83  (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ අද (17) පැවති මාධ්‍ය  හමුවකදී එසේ පැවසීය.

 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතිමය බලතල ඊයේ දින සිට හිමිවූ බවත් ජනාධිපතිවරයාගේ නිල කාලය සහ පාර්ලිමේන්තුවෙන් නිල කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) උපවගන්තියේ සහ 62(2) උපවගන්ති ඉතා පැහැදිලිව දක්වා ඇති බවත් ඒ මහතා කීය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් යම් හෙයකින් එය සම්මත වුවහොත් දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පීරිස් මහතා සඳහන් කළේය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 122(3) උපවගන්තියෙන් එය ඉතා පැහැදිලිව දක්වා ඇති බවත්ය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් මේ දක්වා ගැසට් කළ නොමැති බව කී ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සරළ ක්‍රියාදාමයක් නොව එය සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව වන දෙයක් බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණයක් අත ළඟ තිබේදී මෙවැනි සංශෝධනයක් ගෙන එන්නේ ආණ්ඩුව මැතිවරණවලට ඇති භීතිකාව හේතුවෙන් බවත් මැතිවරණ කොම්ෂන් සභාව තව දින 13 ක් ඇතුළත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (3)

ආණ්ඩුවේ අවසාන තුරුම්බුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි

සිමියොන් සිල්ව Thursday, 18 July 2024 05:52 AM

මහාචාර්ය මොළයක් තියෙන කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් තැනක අවුරුදු පහ හමාරක් ලෙසටත් තවත් තැනක අවුරුදු හය හමාරක් ලෙසටත් තිබීම අවුරුදු පහ හමාරක් ලෙසට පවතින මුද්‍රණ දෝෂය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය කියලා මහාචාර්ය මොළයක් තියෙන කෙනෙකුට මහලොකු ප්‍රශ්නයක් වුණාට සාමාන්‍ය ජනතාවට එය කිසිම ප්‍රශ්නයක් නොවෙයි එම සංශෝධනය සදහා ජනමතය විමසීමේ අවශ්‍යතාවක් නැහැ

:       0       1

Lalla Thursday, 18 July 2024 01:27 PM

අයියෝ මහාචාර්ය තුමා... ගස් කීයක් යට හෙවන හෙව්වද? තාම වේලෙනවා.. ඔහොම යනකොට තුත්තිරි ගහක් යට හුස්ම ටික යයි...

:       0       0

අබිලින් Thursday, 18 July 2024 01:47 PM

ඒයි ලොක්කො 19 වැනි සංශෝධනය අනුමත කරන්න ඉස්සර වෙලා ඒ ගැන විවාදයක් පවත්වන වෙලාවෙ ඔය ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට තමුන්නැහැ කටයුතු නොකර සිට දැන් මොකක්ද කරන්න හදන්නෙ .නීතිය සම්බන්ධ මහාචාර්ය කෙනෙක් වෙලත් ඇතිවියහැකි ගැටලු තේරුම් ගන්න කල්පනාවක් නැතිවුනේ මානසික දුර්වල කමක් නිසාද. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් කරන වෙලාවෙ එහි වගන්ති වලට සම්බන්ධ අනු වගන්ති ගැන නොබලන්නෙ ඇයි කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site