
(අංජුල මහික වීරරත්න)
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හේමාලි මහත්මිය සහභාගී වුවාය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව ගෙන ඇති වැඩ පිළිවෙළ පිළිබඳව එම සමුළුවේ දී අමාත්‍යවරයා දේශනයක් ද ඉදිරිපත් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි. ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. එමෙන්ම හේමාලි මහත්මිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් විද්‍යාපති උපාධිය ද, ජපානයේ ඔබිහිරෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගත්තාය.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආචාර්ය හේමාලිට ජාත්‍යන්තර තනතුරක්
Dr Niroshi Tuesday, 04 June 2024 08:09 PM
සුභ පැතුම් මැඩම්!
ඵච් ඵම් ඵස් පී හේරත් Wednesday, 05 June 2024 09:49 AM
අපේ සුබ පැතුම් !!!