නිදහස ලබා 68 වසරක් ගත වුවද ජාතියක් ලෙස දිනාගත යුතු තවත් බොහෝ දේ ලාංකිකයන් හමුවේ ඉතිරිව ඇතැයි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ කියති.
අතීත විරුවන්ගේ චරිත උදාහරණයට ගනිමින් මවුබිමේ යහපත උදෙසා සියලු දෙනා ධෛර්යමත්ව ක්‍රියා කළ යුතු බව ද අස්ගිරි නාහිමියෝ පවසති.
මේ අතර තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනාහිමියෝ නිදහස් දින පණිවිඩයෙන් කියනුයේ නව පාලනය යටතේ උදාවී ඇති ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජාති, ආගම් හෝ පක්ෂ භේද නොසලකා ජාතික අපේක්ෂාවන් ඉටුකර ගැනීමට සියලු දෙනා එක්සිත්ව, එක්සත්ව කටයුතු කළ යුතු බවයි.
දිනාගත් නිදහස අර්ථවත් කිරීමට රට ගොඩනැගීමේ කාර්ය අවංකව ඉටු කිරීමට අවැසි ශක්තිය සහ වරප්‍රසාද සියලු දෙනාට ලබාදෙන්නැයි දෙවියන්ට යාඥා කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිදහස් දින පණිවිඩයෙන් කියයි.
සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට ඉවසිල්ලෙන් හා සාමකාමීව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය නිදහස් දින පණිවිඩයෙන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආගමික නායකයෝ නිදහස අගයති
ධම්මි Thursday, 04 February 2016 08:02 AM
ඇයි මෙහෙම කියන්නේ (බ)