(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
එම පුද්ගලයා සමඟ විවිධ ආලේපන අඩංගු ලිටර් 5 ප්ලාස්ටික් කෑන් 30 ක් යොදාගෙන තිබූ විවිධ ආලේපන වල නම සඳහන් හිස් ඇසුරුම් තොගයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යු. රංජන මහතා පැවසීය.
විදේශ රටවලින් මෙරටට විවිධ සමාගම් මගින් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලද විවිධ ආලේපන වර්ග වලට සමාන ප්‍රමිතියෙන් තොර ව නිෂ්පාදනය කරන ලද ආලේපන නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කරන ජාවාරමක් මෙම වෙළඳ සැල තුළ සිදුවන බවට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම කළ බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය.
එම වෙළඳසැල තුළ තිබී භාරයට ගත් ආලේපන වල ආසනික් ඊයම් හා බැර ප්‍රමිතිය ඉක්මවා අඩංගුව තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ආලේපන වර්ග මිලදී ගැනීමේදී පිළිගත් වෙළඳසැලකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාව වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටි.
අත්අඩංගුවට ගත් සැකකරු බැඳුම් කරයක් මත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල , කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකය ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ යූ රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක , එස් යු පුංචිහේවා , හා ධනුක ගුණරත්න මහත්තුරුන් වැටලීම සිදු කළහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි
නිහාල් Thursday, 27 April 2023 02:58 PM
හම්බකරගත්ත ගානෙන් දඩ ගෙව්වම තව ලාබත් තියනවා.