IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අසීරු වෙලාවේ කවුරුත් එකට වැඩ කරමු

 

 

(අංජුල මහික වීරරත්න)

විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන්  අසීරු අවස්ථාවේ සියලුදෙනා එක්ව කාර්යක්ෂමව කටයුතු කරමු යැයි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් හමුවේ අද (28) පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් රටේ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් සමඟ  ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුලස්ථානයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මුදල් කිසිදු බාධාවක් නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු මේ වන විට කැඳවා තිබෙන අතර, දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශතාව පරිදි වැය කිරීමට මුදල් ප්‍රමාණයක් නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

 කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර සහන සේවා කණ්ඩායම්වලට ළගා විය නොහැකි ස්ථානවල සිරවී සිටින ජනතාව මුදා ගැනීම වෙනුවෙන් අවශ්‍ය හෙලිකොප්ටර් යානා යොමු කර ජනතාව මුදා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා  ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය නම් හෙලිකොප්ටර් පහසුකම් ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ වන විට එකඟතාව පළ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂිත කඳවුරු වෙත පැමිණ සිටින ජනතාව, තම නිවෙස්වල රැඳී සිටින ජනතාව සහ නිවාස වලින් පිට වෙනත් ස්ථාන වල සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය  පිසු ආහාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම මේ වන විට සිදු කෙරෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දිස්ත්‍රික්ක වල සහන සේවා ළගා නොවන ස්ථාන තිබේ නම් ඒ පිළිබඳ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත තොරතුරු ලබා දෙන ලෙසද මහජන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම බස්නාහිර පළාතේ  වර්ධනය වෙමින් පවතින අවදානම් සහගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් යෝජනා කළේ මතුව ඇති අවදානම් තත්ත්වය සහ මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නට පූර්ණ සහාය ලබා දෙන බවයි.

තම දිස්ත්‍රික්ක වල පවතින තත්ත්වය සහ අවශ්‍යතා පිළිබඳව මෙහිදී මහජන නියෝජිතයෝ වැඩිදුරටත් ජනාධිපතිවරයා දැනුවත් කළහ. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහු  ඇතුළු සිංහල දෙමළ මුස්ලිම් සර්ව පාක්ෂික මහජන නියෝජිතයෝද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මුදල් අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ඇතුළු අමාත්‍යාශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහුද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (0)

අසීරු වෙලාවේ කවුරුත් එකට වැඩ කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1133 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site