IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක්

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්‍රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට්  අනුමැතිය ලැබී ඇත.

අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය 2023-07-01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, අංක 2384/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නැවත සංශෝධනය කර 2024-07-01 දින සිට ක්‍රියාත්මක කර තිබේ. 

මෙම යෝජනා ක්‍රමය යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභි පවුල් සඳහා කාණ්ඩ 4 ක් යටතේ ප්‍රතිලාභ හිමි ගැන්වේ. ආර්ථීක අර්බුදයේ බලපෑම සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින්, සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ වලට අදාළව පළමු වටයට තේරී ඇති පවුල් සහ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති දෙවන වටයේ අයදුම්පත් වලට අදාළව තෝරාගනු ලබන පවුල් සඳහා තවදුරටත් කෙටි කාලයකට සහන සැලසීමේ අවශ්‍යතාව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

එමෙන්ම වත්මන් ජීවන වියදම සැලකු විට දැනට ලබා දෙනු ලබන මුදල ප්‍රමාණවත් නොවන බවට ද කරුණු ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, දැනට බලපවත්නා අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය පහත සඳහන් පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*දුප්පත් හා අන්ත දිළිඳු සමාජ කාණ්ඩ සඳහා දැනට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව පිළිවෙලින් රුපියල් 8,500/- සිට රුපියල් 10,000/- දක්වාත්, රුපියල් 15,000/- සිට රුපියල් 17,500/- දක්වාත් වැඩි කිරීම සහ ඒ අනුව සංශෝධිත අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක කිරීම.

* සංක්‍රාන්තික සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-03-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.

* අවදානමට ලක් වූ සමාජ කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවන කාල සීමාව 2025-12-31 දින දක්වා වලංගු වන සේ දීර්ඝ කිරීම.



අදහස් (2)

අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක්

රුවන් Tuesday, 03 December 2024 06:36 PM

මේ පිං පඩි නවත්තන්න ඕනේ. අපේ ගෙවල් ගාව ආබාධිත රෝද පුටුවේ යන කෙනෙක් ඉන්නවා. පරිගණකය ඉන්ජිනේරුවරයෙක්, එක අතයි වැඩ. වෙන කෙනෙක් නම් පිං පඩි ගනියි.

:       0       1

Dayani Wednesday, 04 December 2024 12:59 AM

ඔබ සැමට ස්තුතියි...! එහෙත් මෙය වෙනස් විය යුතුයි. පාසල් යනවා දරුවන් දෙන්නෙක්... 3 දෙනෙක් සිටින නිවසක අපහසුතා බොහොමයි. ඒ ගැන අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site