IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’අස්වැසුම’ එකවරක් අයදුම් කිරීම ප්‍රමාණවත්


(යොහාන් භාසුර)

'අස්වැසුම' සුබසාධන ප්‍රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම වැඩසටහනට මේ දක්වා ඉල්ලුම් නොකළ පවුල් හා තැනැත්තන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට මේ මස 9 වැනිදා දක්වා කාලය ලැබෙන බවත් සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති/කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පැවසීය.

පවුලක් වශයෙන් අයදුම් කරන විට පවුලේ සියලුම සාමාජිකයන් නියෝජනය වන ලෙස අයදුම්පත භාර දිය හැකි බවත් එකම පවුලේ තනි තනි පුද්ගලයන් වෙනුවෙන් අයදුම්පත්  යොමු කිරීමට ඇතැම් පවුල්වල සාමාජිකයන් උත්සාහ කරන බව වාර්තා වී ඇති බවත් විජේරත්න මහතා කීය.

අස්වැසුම සුබසාධන වැඩසටහනට මීට පෙර අයදුම්පත් යොමු කර පුද්ගලයන්ගේ තොරතුරු මේ වන විටත් එම වැඩසටහනේ තොරතුරු පද්ධතියට ඇතුළත්ව ඇති බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

’අස්වැසුම’ එකවරක් අයදුම් කිරීම ප්‍රමාණවත්

ඉරේෂා Tuesday, 03 December 2024 07:40 PM

අස්වැසුම සංක්‍රාන්තික ගනයේ අයත් නැවත අයදුම් කිරිමට අවශ්‍යයිද?

:       0       2

P. G.S. Kumari Tuesday, 31 December 2024 10:14 AM

මගේ සැමියා කුලී වැඩ කරන්නේ. මගේ පවුලේ හතරක් ඉන්නවා.මට අයදුම් කරන්න බැරි වුනා නැවත අයදුම් කරන්න බැරිද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site