(අංජුල මහික වීරරත්න)
“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රමාදයකින් තොරව ගත යුතු බව පැවසූ රත්නායක මහතා එම ප්‍රතිපත්තිමය තීන්දු නිසි ලෙස නොගැනීම හේතුවෙන් පසුගිය කාලයේ ආර්ථික ගැටලු රැසකට රටට මුහුණ දීමට සිදු වු බව කීය.
සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර වකුගඩු, ආබාධිත හා වැඩිහිටි දීමනා ලේඛනගත සෑම අයෙකුටම නිසි පරිදි එම ප්‍රතිලාභ ලබාදෙන ලෙස ද සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම වැඩසටහනින් දැනට ඉවත් වී සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගෙන “අස්වැසුම” අභියාචනා සහ විරෝධතා නිරවුල් කරගනිමින් සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මේ දක්වා ක්‍රියාත්මක කළ සමෘද්ධි සංවර්ධන වැඩසටහන වෙනුවට හඳුන්වා දුන් අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිලාභීන් හඳුනාගැනීම විධිමත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ සාගල රත්නායක මහතා මේ සඳහා සහාය ලබාදෙන ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අස්වැසුම’’ට රාජ්‍ය නිලධාරීන්ගේ උදව් අවශ්‍යයි
NIMAL Wednesday, 19 July 2023 02:27 PM
“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය පමණක් නොව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔවුන් වෙත පවරන්න. දේශපාලකයින් මැදිහත්වීම නොවන බවට තහවුරු විය යුතුවේ. ලෝකයේ දියුණු රටවල දේශපාලකයින් සුබසාධන වැඩසටහන් වෙත මැදිහත්වීම් නැත. මෙවැනි වැඩසටහන් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුවේ. අවශ්‍ය නිර්ණායකයන් සහ නීති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම පමණක් සිදුවිය යුතු අතර සුදුස්සන් තෝරාගැනීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදුවිය යුතුවේ. එවිට කිසිඳු පුද්ගලයකු සුබසාධන වැඩසටහන් සඳහා දේශපාලකයන් සොයා පැමිණෙන්නේ නැත. ඔවුන් එම රජයේ ආයතනය වෙත ගොස් ගැටළුව විසඳා ගැනීමේ ක්‍රමවේදයකට යා යුතුවේ. සියල්ල සිදුවිය යුතුවන්නේ දේශපාලන මැදිහත්වීම් මත නොව DATA පදනම්ව විය යුතුවේ.“අස්වැසුම” ලබාදීමේදී කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතුවේ. එසේ නොමැතිනම් “අස්වැසුම” POCKET MONEY වශයෙන් ලබාගැනීමට ඇති හැකි අයද ඉදිරිපත් වේ.
wedage Wednesday, 19 July 2023 03:58 PM
කඩෙත් උදව් ගන්න ඡන්දයක් තියන්නකෝ...!
සල්ලි Wednesday, 19 July 2023 04:42 PM
මාලුවා වෙනුවට බිලී පිත්ත දෙන්න නේද මෙයාලා ආවේ... දැන් මාලු නිකන් බෙදනවා නේද?
deiyangemalliWednesday, 19 July 2023 07:01 PM
සල්ලි ඔහේගේ අදහස හරියට හරි... ඒ වුණාට අතීතයේ කියමනක් තිබුණා... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියලා. රජුට සුදු හකුරු හදපු මිනිහා කිව්වලු කියනකොට එහෙමට වුණත් මහ රජතුමාණෙනි, වෙනුසමා කරනකොට මෙහෙමම තමයි එය වළකන්න බැහැ... මැරුවත් මෙමා කියලා ඉතින් එහෙම තමයි වැඩ කරලා තියෙන්නේ ජනාධිපතිතුමා මාසෙකට ලක්ෂයක් ආදායම් ලබනවා නම් බදු ගෙවිය යුතුයි කියලා. ඒ අතරේ පොහොට්ටු නායක කාරකාදීන් ඔවුන්ගේ එහෙම ආදායම් ලබන අයට ඇස්වසා අස්වැසුම ලබාදීලා තියෙනවා... දැන් ඉතින් පොහොට්ටු කාරයින් බදු ගෙවන්න අවශ්‍ය නැහැ...
Perera Thursday, 20 July 2023 12:30 AM
මොවුන් කියන කතා රටේ මිනිස්සු සත පහකට මායිම් කරන්නේ නැහැ. මේ ඔක්කොම කල් ඉකුත් වුණු භාණ්ඩ.