IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අසාර්ථක රිකී පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට

ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නායක රිකී පොන්ටින්,  ඕස්ටේ‍්‍රලියානු එක්දින ක‍්‍රිකට් සංචිතයෙන් ඉවත්කර තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී පොන්ටින්ට ලකුණු අතරට ඒමට නොහැකි වීම මෙලෙස සංචිතයෙන් ඉවත් කිරීමට හේතුව වී ඇත. ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් තරගාවලියේදී සහභාගි වු තරග පහේදී පොන්ටින් රැුස්කර තිබෙන ලකුණු සංඛ්‍යාව 18 කි. එහිදී පොන්ටින් ලකුණු 2, 1, 6, 2 සහ 7 ක් ලෙස තරග පහේදී දැවී ගොස් තිබෙන අතර ඔහුගේ එම තරග පහේ සාමාන්‍ය 3.60 කි. මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා තරග දෙකකදී  ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීම පොන්ටින්ට පැවරිණ. 37 හැවිරිදි පොන්ටින් ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගය  ඕස්ටේ‍්‍රලියාව පරාජයට පත් විය. එක්දින තරග 375 කට සහභාගිවී ලකුණු 13704 ක් ලබා ඇති හිටපු  ඕස්ටේ‍්‍රලියානු නායකයා, ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගෙන් (18179) පසුව වැඩිම එක්දින ලකුණු රැස් කර සිටින පිතිකරුවා ද වේ. පොන්ටින් වෙනුවට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වොට්සන්  ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතයට කැඳවා තිබේ. මිචෙල් ස්ටාක් වෙනුවට වේග පන්දු යවන රයන් හැරිස් ද සංචිතයට ඇතුළත් කිරීමට  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.



අදහස් (0)

අසාර්ථක රිකී පොන්ටින් එක්දින සංචිතයෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site