IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අසාධාරණ නායකයාට පාඩමක්

සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්‍රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්පන්සින් නායක චිම්පන්සියාට පහරදී හපා කා පොලොවේ ගසා මරා දැමීමේ අසාමාන්‍ය සිදුවීමක් ටැන්සානියාවෙන් වාර්තා වේ.

පිමු වර්ගට අයත් චිම්පන්සි රැලේ නායක චිම්පන්සියා තම කණ්ඩායමේ සිටි දෙවැනියා ලෙසට සැළකෙන චිම්පන්සියාට පහර දුන්නේය.

පහර කෑ දෙවන නායකයා රැලෙන් පලා ගියේය.

මේ සිදුවීම බලා සිටි සෙසු චිම්පන්සින් නායකයා දෙසට කඩා පැන හපා කමින් උස්සා 23 වතාවක් පොළොවේ ගසා මරා දැමීය.

වනයේ සතුන් ගැන අධ්‍යයනයකට ගොස් සිටි බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයයේ සත්ව විද්‍යා පරීක්ෂකයන්ට දැක ගත හැකි විය.



අදහස් (0)

අසාධාරණ නායකයාට පාඩමක්

සිල්වා Saturday, 04 May 2013 10:38 AM

සමාජේ තුල හැසිරිය යුතු හොඳ ආදර්ශයක් අපේ සමහර දගලන අයට...(ස)

:       0       0

කෝලිත Saturday, 04 May 2013 06:53 PM

සුද්දෝ කියන කතා ඒ විදිහටම පිළිගන්න එපා. අනිවාරයෙන්ම ඔය චිම්පන්සියව පොලේ ගහල මරන්න ඇත්තේ ඔය කන්බරි එකේ කට්ටියම වෙන්න ඇති.(නදී)

:       0       0

කුංකුම Saturday, 04 May 2013 07:00 PM

වැරදි කරන නායකයන්ට විරුද්දව අපිත් එකතුවෙමු.(නදී)

:       0       0

අරුණ Saturday, 04 May 2013 10:50 AM

එකනේ කියන්නේ මුන් සිංහයෝ නොවෙයි චිම්පන්සියෝ කියලා. .(ස)

:       0       0

වෙසමුනි Saturday, 04 May 2013 07:14 PM

සත්ව ලෝකේ අපේ වගේ අය නැහැ. ඉන්නේ එක්කෝ ගැහැණු නැත්නම් පිරිමි. ඉතින් උන් ගැහැනු පිරිමි වගේ හැසිරෙනවා (නි)

:       0       0

චන්දික Saturday, 04 May 2013 07:16 PM

පිටිගල මිලානෝ-ඔයාගේ කතාවනම් සම්පුර්න සත්‍යයක්.(නදී)

:       0       0

හේරත් Saturday, 04 May 2013 12:16 PM

පිස්සුද අයියා "විසි තුන් පාරක් පොළොවේ ගහනවා දැක්කේ කවුද ? ගණන් කළේ කවුද "? බලන්නකෝ අපේ නායකයා මැතිවරණ කීයක් අනා ගත්තද කියලා. ගාණ පොඩ්ඩක් වෙනස් වෙයි ගැන්නොත්. මට මතක නෑ ඔය ඉලක්කම් වනක්කම්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 08:59 PM

දෑන් දෑන් මේ කතා හරියට අපේ ප්‍රාදේශීය සභා වල කතා වගේ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 03 May 2013 09:17 PM

දැන් ලෝකයම වෙනස් වෙලා. (නදී)

:       0       0

දම් Friday, 03 May 2013 09:44 PM

අපේ අය නම් බලන් ඉන්නෙම නායකයා වැරැද්ද කරනකම්. (නදී)

:       0       0

රංගශනි Friday, 03 May 2013 10:10 PM

හලාල් වෙලා ගහලා මැරුවද කියන්න දන්නෙත් නැහැ (නි)

:       0       0

බන්දුල Saturday, 04 May 2013 01:17 PM

යු..අන්.පි. එකටත් ඔය ටික වෙයිද...?.(ස)

:       0       0

ලලිත් Saturday, 04 May 2013 01:26 PM

ඔය කටිටිය එක්සත් ජාතික පක්ෂයට එහෙම බැදෙන්න කැමති නැතිද?(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 04 May 2013 01:29 PM

රටවාසියන්ව තුට්ටු දෙකට දාලා තම පවුලට සහ හිතවතුන්ට පමණක් සලකන නායකයන් මෙවැනි වදුරන්ගෙන් වුවද පාඩම් ඉගෙන ගන්නේ නම් කාලෝචිතයි. (නදී)

:       0       0

තිස්ස Friday, 03 May 2013 11:27 PM

අපේ අයටත් හොද පාඩම් මේවා.(නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 07 May 2013 11:52 AM

ලංකාවේ මිනිස්සු සේරම චිම්පන්සී වුණොත් අපේ රටේ උත්තමයන්ට යන කල දසාව ගැන තමා මට බය !! (නි)

:       0       0

තිසල් Friday, 03 May 2013 11:57 PM

මට ප්‍රබාකරන් මතක් වුණා. තක්කිට තරිකිට තෙයි..කාටත් ඔය ටික වෙයි....කිවුවලු. (නි)

:       0       0

දාස් Saturday, 04 May 2013 12:10 AM

මේකෙන් තේරෙනවා පරිණාමවාදය බොරුවක් කියලා. ලංකාවේ අපි නම් චිම්පන්සින්ගෙන් නෙමේ ඇවිත් තියෙන්නේ (නි)

:       0       0

තිලක් Saturday, 04 May 2013 02:40 AM

මේ නයකයාට විරුද්ධව හරියට ස්ත්‍රී දුෂණ ප්‍රශ්ණ තියනවලු.(නදී)

:       0       0

ෆාතිමා Saturday, 04 May 2013 03:13 AM

අපේ අයටත් කොපි කරන්න කාලය හොදයි (නි)

:       0       0

උපාලි Saturday, 04 May 2013 03:36 AM

අපට බැරිද මේ කට්ටිය විශාල සංඛ්‍යාවක් මේ රටට ගෙන්නලා ඡන්ද බලය ලබා දෙන්න? (නි)

:       0       0

චාමර Saturday, 04 May 2013 05:01 AM

අපේ අහවල් මහත්තයා වගේ කෙනෙක් වෙන්න ඇති ඒ නායකයා ... (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Sunday, 05 May 2013 02:29 AM

රටට වින කරපු මෙවන් නායකයෙක් කලකට පෙර අපේ ලංකාවෙත් මේ ආකාරයට මිය ගියා. (නි)

:       0       0

අස්මිත් Friday, 07 June 2013 09:07 PM

ලංකාවෙත් ඔය වගේ අයට කවදාහරි ඕකම තමයි වෙන්නේ. ලංකාවේ ජනතාව මෝඩ වැඩියි නැත්තම් මේක වෙලා හුගක් කල්.(නදී)

:       0       0

හේරත් Saturday, 04 May 2013 05:55 AM

මම දැනගෙන හිටියේ නෑ බ්‍රිතාන්‍යයේ කැන්ටබරියේ අයත් චැනල් ෆොර් වල චිත්‍රපට හදනවා කියලා. චිම්පන්සි රැලේ නායකයා එලවල දානවලු වැඩ පෙන්නන්න බැරි උනාම. මේක අලුත් කෙටි කතාවක් ද ? (නදී)

:       0       0

දිනුසි Saturday, 04 May 2013 07:45 AM

‍මේ විදිවට ගියොත් වැඩිකල් යන්න ඉස්සර වෙලා ලංකාවේ අයටත් ඔය දේ වෙයි වගේ.(නදී)

:       0       0

සෑම් Saturday, 04 May 2013 08:08 AM

අසාධාරන බොරු බේගල් ඇදබාන හොර නායකයින්ට මේක හොඳ පාඩමක්. (නි)

:       0       0

අශාන්ත Friday, 10 May 2013 03:22 AM

කල කලදේ පල පලදේ, ජාති හිතෛශියෙක්.(නදී)

:       0       0

වරුණ Saturday, 04 May 2013 08:30 AM

අපේ රටේ මිනිසුන්ට කවදා මොලේ පෑදෙයිද? (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 04 May 2013 08:31 AM

මේ සතුන්ගේ ක්‍රියාවලිය ඉතාමත් ආදර්ශමත්. වෙනින් රට වලට වඩා ශ්‍රී ලංකාවට කෙලින්ම බලපානවා මේ ආදර්ශ (නි)

:       0       0

නන්ද Saturday, 04 May 2013 09:13 AM

තමාගේ අනුගාමිකයකු නායකයාගේ වරදක් ගැන කතා කලත් ඇති. එදාට ඌ ඉවරයි. අන්න අපේ රටේ ක්‍රමය..(ස)

:       0       0

සනත් Saturday, 04 May 2013 09:30 AM

එ.ජා.ප. අය මේක හොඳට හිතේ තියා ගන්න. .(ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 09:32 AM

සත්ත්ව ලෝකය වෙලත් අසාධාරණයට එරෙහිව උන් නැගී සිටිනවා. අපේ ලෝකේ උනොත් කොහොමද? (ස)

:       0       0

නුවන් Saturday, 04 May 2013 09:53 AM

ඔය වගේම සිදුවීමක් අපේ රටෙත් සිද්ධ වුණා. මීට අවුරුදු 20-25 කලින් රුපවාහිනී එකේ පෙන්නුවා, පොළොන්නරුවේ සිද්ධියක්.හැබැයි එදා නම් නායකයට ගහලා එලවලා දැම්මා. මැරුවේ නැහැ. (නි)

:       0       0

පලිහේන Saturday, 04 May 2013 09:56 AM

‍ඒක හොඳ පාඩමක් ශ්‍රී ලාංකිකයන්ට .(ස)

:       0       0

ශාන්ත ලාල් Saturday, 04 May 2013 09:56 AM

විසි තුන් පාරක් පොළොවේ ගහනවා දැක්කේ කවුද ? ගණන් කළේ කවුද ? (ස)

:       0       0

මාධව Saturday, 04 May 2013 10:05 AM

සත්ත්ව ලෝකයේ වෙලත් අසාධාරණයට එරෙහිව උන් නැගී සිටිනවා. අ‍ෙ‍ප් ලෝකේ උනොත් ‍ෙ‍කා‍ෙ‍හාමද? (ස)

:       0       0

පෙරේරා Saturday, 04 May 2013 06:25 PM

අපේ ඉන්නේ චිම්පන්සියෝ නෙවි බූරුවෝ නේ, ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site