IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අස්ගිරි නාහිමිගේ වෙසක් දින පණිවිඩය

(ෂේන් සෙනෙවිරත්න)

වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කරවීමට පුරෝගාමී වූහිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කෘතඥතාවය හිමිවිය යුතු බව වෙසක් දිනක් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ පවසති .

වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රාජ්‍යයන් හි ජීවත්වන සියලු සියලු බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වූ දිනයක් වන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථගෞතම නම් වූ බුදුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනයකම වීම නිසයි .වෙසක් දිනයමුළු ලෝකයටමවැදගත්වු දිනයකි .

වෙසක් දිනය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කිරීම පිළිබඳවඑක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ පුණ්‍යානුමෝදනා ත්මක කෘතඥතාවය පිරිනැමිය යුතුය .ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටමෙය වඩාත් වැදගත් වන්නේ අපේම කෙනකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කිරීමයි . දිවංගත අපගේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ නාමය නොමැකෙන ලෙස ඉතිහාසයේසටහන්ව ඇත්තේ එතුමාගේ ඒ යහපත් ක්‍රියාව නිසාමය .

වෙසක් පුන් පොහෝ දින ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ආගමික වතාවත්වල නිරත වෙති . සියලු විහාරස්ථානයන්සිල් ඇත්තන්ගෙන්පිරියති . බොහෝ අය ආමිස පූජාවල යෙදෙති . දන්සැල් දෙති . නැත්තන් හට උපකාර කරති. බුද්ධාලම්භන ප්‍රීතියෙන්අලංකාර සැරසිලි කරති . ජාතක කතාවස්තුන් විස්තර කරන තොරණ් ඉදි කරති .පෙරහැර කරති . ජාතික ආගමික වෙනසක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් තෙමගුල් මහෝත්සවය නොහොත්වෙසක් මංගල්‍යය සමරති . විශේෂයෙන් කුඩා දරුවන් වෙසක් ප්‍රීතිය භුක්ති විදිති .

පසුගිය වසර කීපය තුළ නොයෙක් අවාසනාවන්ත සිදුවීම් සහ වසංගත රෝගකාරකතත්ත්වයන් වයන් හේතු කොට ගෙන වෙසක් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇති විය . නමුත් මේ වසරේ එවැනි බාධක දුරු වීම කාගේත් සතුටට කාරණාවකි .

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 නොහොත් 2023 නොහොත් 2023 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කය මූලික කොටගෙනරාජ්‍ය වෙසක් උත්සවයත් ඊට සමගාමීව සිරිත් පරිදි රටපුරා විහාරස්ථානවල වෙසක් උත්සවය පවත්වනවා ට කිසිම සැකයක් නැත .බුදුන් වහන්සේ අපට අවබෝධ කර දුන්නේ පිරිසිදු මනසකින් යුතුවකටයුතු කිරීමේ ක්‍රමයයි . ඒ තුළින් අපට වැරදි නිවැරදි කර ගැනීමේ මාර්ගය අවබෝධ වේ . එබැවින් ඒ ධර්මතාවය මත පහන් සිතැතිවවෙසක් මංගල්‍යය සැමරීම සුදුසු බව වටහා ගත යුතුය .

මෙම වසරේ රාජ්‍ය වෙසක් මංගල්‍යය උත්සවාකාරඅන්දමෙන් පැවැත්වීමටකරන්නා වූ සියලු ප්‍රයත්නයන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සියලු බෞද්ධයන් හට සුභ වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංශනය කරම්හ .



අදහස් (0)

අස්ගිරි නාහිමිගේ වෙසක් දින පණිවිඩය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site