ශ්‍රී ලංකා රජයට අයත් ගිනි අවි 178ක් 2009 සහ 2013 අතර කාලයේ අස්ථාන ගත වී ඇතැයි ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර අද (01) පැලවත්තේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
එම ගිනි අවිවලින් 167ක් 2013න් පසු ඇවන්ගාඩ් සමාගම මැදිහත් වී සොයා දුන් බවත්, ගිනි අවි 11ත් හමු නොවූ බවත් ජයවීර මහතා පැවසීය. අවි නැතිවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුදැයි නොදන්නා බව ද ඔහු කීවේය.
ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීම නිසා ලංකාවේ ගිනි අවි වලට 2013 වසරට පෙර වූ දේ නැවත සිදු වීමට ඉඩ ඇති බව ජයවීර මහතා කී අතර එම ප්‍රකාශය ගැන මාධ්‍ය වේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ජයවීර මහතා එලෙස කීවේය.
ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් නාවික හමුදාව බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා 6754කගේ රැකියා අහිමි වී ඇතැයි ද, ඇවන්ගාඩ් ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති, පාඨලී චම්පික රණවක ඇමති, රාජිත සේනාරත්න ඇමති, අර්ජුන රණතුංග ඇමැති සහ අනුර කුමාර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටින බව ද මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
2015 නොවැම්බර 13 වැනි දා ඇවන්ගාඩ් සමග සියලු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට මෙහෙයුම් ගත් බව හා ඉන් අය වන මුදල් ඒකාබද්ධ ගිනුමට බැර වන බව කීව ද, ගැවන්ගාඩ් සමාගමෙන් ලැබිය යුතු ලාභාංශ නාවික හමුදාවේ ශුබසාධක අරමුදලට බැර කරන ලෙස දන්වා පසුගිය නොවැම්බර 26 වැනි දා ලිපියකින් දන්වා ඇතැයි ද, මෙය විශේෂ හෙළිදරව්වක් බව ද ඇවන්ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ කමල් ගමගේ මහතා පැවසීය.
ඇවන්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඔක්තෝබර 20 වැනි දා ගිවිසුමක් අත්සන් කළ බවත්, ඇවන්ගාඩ් කටයුතු දිගටම කර ගෙන යන බව එහි සඳහන් බවත්, එසේ තිබිය දී ඇවන්ගාඩ් මෙහෙයුම් නාවික හමුදාවට පවාරාගෙන ඇති බවත් ගමගේ මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවුණේ කරුණු ගැන මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ.
ප්‍රශ්නය - 2013ට පෙර ආයුධවලට වූ දේ නැවත වේයැයි ඔබ කිව්වා. 2013ට කළින් ආයුධවලට මොකද වුණේ?
පිළිතුර - ‘ගිනි අවි 178ක් 2009 වසරත් 2013 ත් අතර අස්ථාන ගත වී තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ගැන කියා තිබුණා.‘
ප්‍රශ්නය - ලංකා ආණ්ඩුවේ ගිනි අවි නැති වුණා නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එකල සේවය කළ නිලධාරීන් වගකිවයුතුයි නේද?
පිළිතුර - ඊට වග කිව යුත්තේ කවුදැයි කියන්න නීතිමය දැනුමක් මට නෑ.
ප්‍රශ්නය - ලංකා ආණ්ඩුවේ ගිනි අවි නැතිවීම බරපතල ප්‍රශ්නයක්. ඒ කාලයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් හරියට මේවා ගැන සොයා නෑ නේද?
පිළිතුර - ආරක්ෂක අමාත්‍යංශය නෙමෙයි. රක්නා ලංකා සමාගම දන්නේ නෑ මේ අවි අවභාවිත වෙන බව.
ප්‍රශ්නය - ඒ කියන්නේ රක්නා ලංකා සමාගම හරියට හොයා බලා නෑ කියන එක නේද?
පිළිතුර - මේකට වග කියන්න ඕන කවුද කියා කියන්න අපි දන්නනේ නෑ.
ප්‍රශ්නය - ඇවන්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඔක්තෝබර 10 වැනි දා ගිවිසුමක් අත්සන් කළ බව කිව්වා. ඒ ගිවිසුමේ තිබෙනවා නේද ඔබ ඇවන්ගාඩ් සමාගම රක්නා ලංකා සමාගමට කෝටි අනූ ගණනක් ගෙවිය යුතු බව? ඇයි මුදල් ගෙවීම පැහැර හැරියේ?
පිළිතුර - මුදල් ගෙවීම පැහැර හැරියා නොවෙයි. අපි කරන්නෙත් ව්‍යාපාරයක්. අපි ගිවිසුම් ගත සමාගම්වලින් මුදල් ලැබුණු පසුයි ගෙවන්න වෙන්නේ.
ප්‍රශ්නය - ඔබ කිව්වා සමාගමේ වැඩ ඉදිරියට කරගෙන යන බවට ඔක්තෝබර 20 වැනි දා ගිවිසුම අත්සන් කළ බව. නමුත් ගිවිසුමේ පැහැදිලිව තිබෙනවා මෙම ගිවිසුම අදාල මුදල් ගනුදෙනු සඳහා පමණක් සීමා වේ කියා? එසේ නම් ගිවිසුම වෙනත් කටයුතුවලට අදාළ නෑ නේද?
පිළිතුර - ගිවිසුමේ තිබෙනවා අනිත් ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක වන බව.
ප්‍රශ්නය - නාවික හමුදාවෙන් එවූ ලිපියක් ඔබ පෙන්වුවා නාවික හමුදාවෙන් එවූ ලිපියක්. නාවික හමුදාව කියන්නේ 2015 නොවැම්බර 13 වැනිදායින් පසු මුදල් ගැන නොවෙයි නේද? ඔවුන් කියන්නේ ඇවන්ගාඩ් සමාගම මීට පෙර ගෙවිය යුතු මුදල් නේද?
පිළිතුර - නමුත් ඔවුන් කිව්වානේ මින් පසු සියලු මේ සම්බන්ධ සියලු දේ රජයේ ඒකාබද්ධ අරමුදලට යවන බව.
ප්‍රශ්නය - ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ කළ කී දෙනෙක් ඇවන් ගාඩ් සමාගමේ සේවය කරනවාද?
පිළිතුර - අපේ බහුතරයක් නාවික හමුදාවේ සේවය කළ රණවිරුවෝ.
ප්‍රශ්නය - නාවික හමුදා භටයන්ගේ සුභසාධනය සඳහා එම සුභසාධක අරමුදලේ මුදල් යොදවනවා නම් දැනට සිටින නාවික හමුදා සුබසාධනයට ඔබ කැමති නැද්ද?
පිළිතුර - අපි එහෙම දෙයක් අදහස් කළේ නෑ. එම අරමුදලට දැම්මා කියා අපිට ඒ හැටි ප්‍රශ්නයක් නෑ. අපි පෙන්වන්න උත්සාහ කළේ ඒකාබද්ධ අරමුදලට මුදල් යොදවනවා කියා නාවික හමුදාවේ ශුබසාධන අරමුදලට මුදල් යෙදවීම ගැනයි.
ප්‍රශ්නය - මීට පෙර ඔබෙන් ලැබුණු ලාභාංශ මොන ගිනුමනට බැර කළේ?
පිළිතුර - රක්නා ලංකා සමාගමට ගෙවූ මුදල් ඔවුන් ඒකාබද්ධ අරමුදලට බැර කළේ. නාවික හමුදාවට ගෙවිය යුතු ලාභාංශ නාවික හමුදාවේ සුබසාධන අරමුදලට බැර කළේ.
(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නවරත්න බණ්ඩාර මහතාගේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න සහ පිළිතුරු පසුව බලාපොරොත්තු වන්න.)
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අවි නැතිවීමේ වගකීම කාගෙදැයි නොදනී‘
දහම් Tuesday, 01 December 2015 03:51 PM
මාරපන මෝඩයෙක්ද? එයා හොඳ යූ එන් පී කාරයෙක් නේද? (බ)