සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට අතිරේක ගිලන් රථ 18ක් යොමු කර ඇතැයිද සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සූදානමින් තබා ඇතැයි ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.
ගින්නෙන් තුවාල ලබා හෝ අනතුරට පත්ව පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවට සියලු රෝහල් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියයි. සිදුවීම දැනගත් විගස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
කරවනැල්ල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ අවට සියලු රෝහල් හදිසි තත්ත්වයක් වෙනුවෙන් සූදානම් කොට ඇති බවත් අතිරේක වෛද්‍ය කණ්ඩායම් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල රත්නපුර රෝහලින් සහ අවට රෝහල්වලින් මේ වන විටත් යොමු කර ඇතැයිද මහීපාල මහතා සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.