(රෝෂන් තුෂාර සහ මනෝප්‍රිය ගුණසේකර)
හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබා ගත් රුපියල් කෝටි හතක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 'අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාබුගල නැමැත්තා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ(22) නියම කළාය.
මාස 06ක පමණ කාලයකට පෙර ගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප නියම කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තරයේ විරද්ධවීම හේතූවෙන් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.
අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් සමාගම විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ (22) පෙරවරුවේ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධියට අදාළ සිද්ධිය 2023 නොවැම්බර් 03 වැනිදා සිදුවී ඇතැයි දැනුම් දුන්හ.
(ඡායාරූප -ළහිරු හර්ෂණ)
------------------------------------------
අවුරා ලංකා සභාපති අත්අඩංගුවට
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවැසේ.
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවුරා ලංකා සභාපති රිමාන්ඩ්
NAMAL Wednesday, 22 May 2024 04:07 PM
මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ?
අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 04:27 PM
අවිද්‍යාව හා මුලාව පිරුණු සමාජයක වන්චනිකයින්ට, හොරුන්ට, රජ මගුල් වගේ. මෙයාලා රිමාන්ඩ් භාරයට යැව්වාට වැඩක් නැහැ. ගියාට වැඩිය වේගයෙන් එළියට එයි.
Prabha Wednesday, 22 May 2024 05:35 PM
හෙට තව නළුවෙක් ගොඩබැස්සොත් එයාටත් අහුවෙනවා. සිංහලයා කවදා පාඩමක් ඉගෙන ගනීද මන්දා..?
sathyapalaThursday, 23 May 2024 09:47 AM
කාට කියන්නද ප්‍රභාත්. ලංකාවේ එවුන් බලන් ඉන්නෙම කාටහරි රැවටෙන්න. එකෙකුට රැවටිලා අහුවුණා බව දැනගත්ත ගමන් හොයනවා තව එකෙකුට රැවටෙන විදිහ. කපුවන්ට පුසාරින්ට මෑණිවරුන්ට රාවනාලට දියසෙන්ට රහතුන්ට පාදිලියන්ට දඩුවම් මුදලාලිට සක්විතිට දොලුකන්දට නිදන්වලින් ගත්ත මරංචි කියලා පිත්තල වලට ධම්මික පැණියට නිට්ටාවට පිළිකා කොලොස්ටරෝල් හොදකරන වෙද්දුන්ට එකී නොකී හැම එකාටම රැවටෙන රවටෙන්නම බලන් ඉන්න ලංකාවේ අය හත් පණ කතාවේ කිරිහාමිටත් වඩා නිවට මෝඩ ජාතියක්.
Bandula Wednesday, 22 May 2024 05:49 PM
නොම්මර එකේ හොර ගෙඩියා කට්ටි පැන පැන හිටියේ යාන්තම් ඇති... සියළුම නිධන් ආරක්ෂා වෙයි...
බද්රානි Wednesday, 22 May 2024 06:54 PM
මොහුත් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරන තවත් හොර තක්කඩි හෙන්චයියෙක් තමයි.... ජීවිත කාලය පුරාම හිරකර තැබිය යුතුයි.... දැනටමත් ලෙඩ වෙලා ඇතිනේ...කොයි, රෝහලේද දැන් ඉන්නේ...?
SUNIL MILANO Wednesday, 22 May 2024 07:43 PM
පැන්ඩෝරා විතරක් නෙමෙයි. විකිලීස් අමතකද. ඒකෙ ඉන්නවා. ජෙප්පොත්. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඇයි ලැජ්ජද?
නිහාල් Wednesday, 22 May 2024 09:36 PM
ඊලගට නීතිපති විසින් තාක්ෂණික කරුණු මත නඩුව ඉල්ලා අස්කරගන්න ජවනිකාව
සෙනෙවිරත්න Thursday, 23 May 2024 02:15 AM
මේ හාදයගෙ වැරදි පෙන්වනකොට ඇඟට ආපු කට්ටිය හුඟක් හිටිය, සමාජ මාධ්‍යවල, අපේ රටේ මේ වගේ මතුවෙල සල්ලි බලය පෙන්වන උන්ට අහුවෙන අය කොච්චර ඉන්නවද? මේව පෙන්නුවම කුහකයො, දියුණු වෙනවට ඊඊර්ෂ්‍යා කරනව සහ ජවිපෙ කුහකයො කියල ලේබල් අලවන අය කෝ
අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 23 May 2024 06:01 AM
මෙ අර ඩොක්ටර් විරංජිත් තාඹුගල නෙද? ඇයි ඩොක්ටර් කැල්ල හැලුවෙ?