IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අවුරුද්දට ඉන්ධන පොම්පේ වැඩිපුර අරී

(අංජුල මහික වීරරත්න)

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්, පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය පියවර ගෙන තිබේ.

පෙර සැලසුම් කල පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩි වන ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර ලබා ගෙන ඇත.

ඒ අනුව සතියකට විශේෂ  ත්‍රීරෝද රථ  සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද,සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද,

බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද,කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද වැඩි කර ඇත.

ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙි.



අදහස් (5)

අවුරුද්දට ඉන්ධන පොම්පේ වැඩිපුර අරී

benil wijaya Tuesday, 04 April 2023 07:03 PM

මේ මොන උප්පරවැට්ටි දැම්මත් පිං හාමු මේ පාර කුජීතයි. ජනතාවට නුවණ පෑදේවා!!!

:       2       0

pakeer Tuesday, 04 April 2023 09:03 PM

මෝඩ වැඩක් .සිංහලයෝ මහා මෝඩ හැත්තක් .මේක හරියට අවුරුද්දට බඩු උගස්තියලා අවුරුදු කෑවා වගේ වැඩක් .ගොන් හැත්ත

:       1       0

Perera Tuesday, 04 April 2023 11:45 PM

පොම්පකරුට අමතර ගානක් දුන්නම ටැංකිය පිරෙන්න ගහගන්න පුළුවන් බව ජනාධිපති තුමා දන්නේ නැද්ද කොහෙද

:       1       1

Bamunuarachchi Wednesday, 05 April 2023 12:32 AM

ඛනිජ තෙල් ගොයියන්ගේ අර මාරාන්තික උපවාසයට මක්කයි උනේ?

:       0       1

sene Wednesday, 05 April 2023 09:51 AM

තෙල් ඉල්ලීම, ඩීසල් 60% සහ පේට්‍රල් 40% අඩුවීමද මේ ? ජනතාව තවමත් මුලාවටද ? දැන් වත් ඇත්ත ප්‍රකාශ කරන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site