
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
ඒ අනුව විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබේ.
මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්වුන අතර අවසන් අපරාධ චෝදනා 5 සඳහා සුකී වරදකාරිය කරමින් මෙසේ වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.
මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින් හමුදා අධිකරණය වසර 26 ක සිර දඬුවමක් ලබා දී තිබුණි.
නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ අතර නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීමද හමුදා අධිකරණය තහනම් කරන ලදි.කෙසේ වෙතත් තමන්ට එල්ල වූ අපරාධ චෝදනා සියල්ලටම නිවැරදිකාරිය බව අවුන් සාන් සුකී පවසා ඇත.
034
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුන් සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක්
sharm warn Friday, 30 December 2022 12:23 PM
තව සුකීලා දහසක් නැගිටලා එයි....
mikie Friday, 30 December 2022 01:50 PM
මෙයා මුරුංගා අත්තේ තියලා ඇමරිකාව පොලිටිකල් ගේම් ගැහුවා... කෙළවුනාට පස්සේ මෙයාට ඇමරිකාවත් නෑ බේරගන්න එවුන් එන්නෙත් නෑ... වියට්නාමයේ ඩීන්ඩියම් හැදුවේත් ඇමෙරිකාව මරවන්න වැඩ කෙරුවේත් ඇමරිකාව.. බින් ලාඩන් හැදුවේත් ඇමරිකාව.. මැරුවේත් ඇමරිකාව. සෙලෙන්ස්කිටත් වෙන්නේ ඔයටිකම තමයි. ලංකාවේ ඇමරිකන් ගැත්තන්ටත් එච්චරයි...!
siri Friday, 30 December 2022 02:23 PM
අපේ රටෙත් හොර පවුල් නඩ ටික ජීවිතාන්තය දක්වා හිරේ යැව්වේ නැතිනම් රට කාටවත් කරන්න දෙන එකක් නෑ...