IMG-LOGO

අලි හොරකමක්

ඇතින්නියන් මරා පැටවුන් සොරා ගැනීමේ උපක්‍රමයක් ඇති බව පෙනේ යැයි වනජීවී අමාත්‍යංශය කියයි.

වයඹ වනජීවී කළාපයේ පමණක් මව අහිමි වු පැටවු 4 දෙනෙක් වන ජීවී භාරයට ගනු ලැබුහ.

මීට මාස දෙකකට  පෙර  ගල්ගමුව පහළගම ගස් බැඳ සිටි අලි පැටවකු කැලයට මුදා හළ නමුත් එම පැටවා පැහැර ගැනීමේ උත්සාහයක් ගැන වනජීවී නිලධරයින්ට තොරතුරු ලැබී ඇත.

 

 

 

 



අදහස් (0)

අලි හොරකමක්

අරුණ Thursday, 03 April 2014 02:27 PM

නාලක, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

සරත් බණ්ඩාර Thursday, 03 April 2014 02:39 PM

අසරණ අලි පැටව් අලි අම්මලාගෙන් වෙන් කරන අසාධාරණ මිනිසුන්. (ස)

:       0       0

සමන්ති Friday, 04 April 2014 06:26 AM

දැන් බලනකොට ලංකාවේ අලි පැටවුන් උපදින්නේ ඕපපාතිකවද මන්දා. නැත්නම් "පටක රෝපණ"ක්‍රමයටද? මේකට දන්නා කෙනෙක් පිළිතුරක් දෙන්න (නි)

:       0       0

ජනා Thursday, 03 April 2014 02:39 PM

නාලකගෙ කතාව හරි...ඒත් මෙහෙම හරි මේ ගොල්ලන්ව බලාගන්න එකත් මදි ද... (ස)

:       0       0

තිලාන් Friday, 04 April 2014 06:39 AM

මොනවා වුණත් මේ අහිංසක සත්තු මෙහෙම කූඩුකරලා තියන එක පවු නේද? (නි)

:       0       0

සේරම් Friday, 04 April 2014 08:39 AM

හොරුන්ගේ අම්මගෙන්මනේ පේන අහන්න වෙන්නේ.(නදී)

:       0       0

තිලක් Thursday, 03 April 2014 04:15 PM

අලියා කියන්නේ මිනිස් ආත්මෙට පෙර ආත්මය කියල නේද කියන්නේ? (ස)

:       0       0

පද්මිණි Thursday, 03 April 2014 05:22 PM

මේ සතාව අනේ ඉක්මනට නිදහස් තැනකට යවන්න. පින් සිද්ධ වෙනවා (නි)

:       0       0

ජීවන් Friday, 04 April 2014 11:06 AM

බුදුන් වැඩිය ලක්දීපේ..මේවගේ පහත් වැඩ කරන අය ලංකාවෙන් ඇතුගා දමන්න ඕන ත්‍රස්තවාදය නැතිකලා වගේ . (දී)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 04 April 2014 01:10 PM

අයියෝ! ඇයි මේ අලි පැටියව මෙහෙම කූඩුවක දාලා? (නි)

:       0       0

ලාල් ජකර්තා Thursday, 03 April 2014 09:02 PM

පාදඩ දේශපාලනයේ පිහිටෙන් චණ්ඩින් වූ අයගේ උපක්‍රම තමයි ඉතින්. (නි)

:       0       0

ගයාන් Thursday, 03 April 2014 09:45 PM

පන්සල් වලටත්, වලවූ වලටත්, ලොකු දේශපාලකයින් ළඟටත් අලි ගෙනෙන්නේ එකම විදියට නේද? නැතුව අලි අම්මා ඇවිල්ලා පැටියව පන්සලට පුජා කරනවද? අපි බෞද්ධ වුණාට සත්‍යයට මුහුණ දෙන්නේ නැහැ. කවදා මිනිසාට නුවණ පහළ වේද? (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 04 April 2014 01:23 AM

එතකොට අලි හොරකම් කරන අයට මොන හොරා කියලද අනේ කියන්නේ? (නි)

:       0       0

පිටිගල Thursday, 03 April 2014 01:58 PM

මේවා කරන්නේ මිනිස්සුද ඇත්තටම? (ස)

:       0       0

ක්‍රිස්ට් Thursday, 03 April 2014 02:04 PM

මව් පිය සරණ නොදත් අයයි මෙවැනි තිරිසන් වැඩ කරන්නේ. (ස)

:       0       0

නාලක Thursday, 03 April 2014 02:15 PM

අලි පැටව් මෙහෙම බලු පැටවූ වගේ කූඩු වල දානවද? මේක නම් අපරාධයක්. ඉඩකඩ තියෙන එළිමහනක තියන්න එපායැ. (ස)

:       0       0

ජනා Thursday, 03 April 2014 02:15 PM

මේවට වග කියන්න ඕන අපිම පත් කරපු කට්ටිය තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 495 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site