IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලි වැට හදන්න ගෙ⁣නා බඩු ’’සුදු අලි’’ වෙලා

(අංජුල මහික වීරරත්න)

දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට  විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින්  නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි  තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය සඳහා විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ  කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා එහි කළ නිරීක්ෂණය නිරීක්ෂණයකදී තහවුරු වූ බව අමාත්‍යාංශය පවසයි. 

විදුලි අලි වැට ඉදිකිරීම සඳහා ඇතැම් ගොවි සංවිධාන මෙන්ම ගොවීන් ද විරෝධය පළ කිරීම නිසා විදුලි වැට තැනීම ගැටළුවක්ව පවතින බවත්, ඒ සඳහා ගෙන්වන ලද උපකරණ තවමත් නිසි ප්‍රයෝජනයක් නොගැනීමට එයද හේතුවක් බවත් එහිදී අනාවරණය වී ඇත.



අදහස් (2)

අලි වැට හදන්න ගෙ⁣නා බඩු ’’සුදු අලි’’ වෙලා

nimal Sunday, 14 August 2022 07:32 PM

ලංකාවේ සියල්ල සිදුවන්නේ දේශපාලකයන්ගේ උවමනාවට සහ උපදෙස්මත බව මෙම කාරණයෙන්ම පැහැදිලිවේ. විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම් වෙහෙර වනජීවී කාර්යාලයේ කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනා තුරු එම ආයතනයේ කිසිදු නිලධාරියකු මේ පිළිබඳව සොයාබැලීමක් නොකළේ මන්ද? සියල්ල දේශපාලකයා පැමිණ උපදෙස් ලබාදෙන තුරු බලාසිටීමට සිදුව තිබෙනුයේ උපකරණ ලැබීමෙන් පසුව සිදුකරනාවූ කිසිදු ක්‍රමවේදයක් වනජීවී නිලධාරීන් සතුව නොමැතිවිම සහ කවුරුන් හෝ පැමිණ මොවුන්ව අවදි කරනතුරු රජයේ නිලධාරීන් නිදාසිටීම සහ ඔවුන්ට වගකීම ලබානොදීම / වගකීම් ලබාදීමෙන් පසු වගකීම අවසන් කර තිබේද කියා සොයාබැලීමක් නොමැතිවීම මෙවැනි සුදු අලි බිහිවීමට ප්‍රධානතම හේතුව වේ. බහුතරයක් රජයේ නිලධාරීන් වගකීම සහ සේවය රටට ලබානොදී වැටුප ලබා ලබාගනී.

:       1       16

PereraMonday, 15 August 2022 04:27 AM

මෝඩයින් බහුතරයක් ඉන්නා රටක ඔහොම තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site