IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලි රංචුවක් පොල් ගස් 400ක් විනාශකරලා

(බී.ජී. චතුරංග )

තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ  තිබූ  පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.

විල්පත්තුව රක්ෂිතයේ සිට ගම් වැදී ඇති මෙම වන අලි රංචුව මෙලෙස හානිකර ඇත්තේ  ඇත්තේ  තන්තිරිමලේ කුඩා මල්මඩුව ප්‍රදේශයේ පදිංචි යමුනා  රෝහිනී මහත්මියට අයත් පොල් ඉඩමකි.

තමන් බැංකු ණයක් ලෙස ලබා ගත් රුපියල්, ලක්ෂ විස්සක මුදලක් වැය කරමින් මෙම පොල් වගාව ආරම්භ කළ බවත්, එම  පොල් වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වන අලින් විසින් විනාශ කර දමා ඇතැයි රෝහිනී මහත්මිය මෙහිදී සඳහන් කළාය.

තන්තිරිමලය හා ඒ අවට ප්‍රදේශයේ නිරන්තරයෙන් සැරිසරන මෙම  වන අලි රංචුව විල්පත්තුව රක්ෂිතයට පලවා හැර දමා, එම රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදි කර තමන් ඇතුළු මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට කිසිදු කරදරකින් තොරව සිය වගාවන් සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසද ඇය රජයෙන් ඉල්ලීමක් කළාය.

පොල් වලට ඉහල මිලක් ලැබේ යැයි සිතා,  දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ  ආරම්භ කල  මෙම පොල් වගාව මොහොතකින්   වන අලීන් විසින් විනාශ  කර දැමීම හේතුවෙන් තමන් දැඩි කම්පනයට සහ  අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය පැවසුවාය.

වන අලින් මෙසේ ගම් වැදීම හේතුවෙන් තන්තිරිමලය ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ  වගාවන්ට පමණක් නොව, කුඩා දරුවන් ඇතුළු  මිනිස් ජීවිතවලටද  දැඩි බලපෑමක් එල්ල වන බව ද ගොවීහු පිරිසක් මෙහිදී පැවසූහ.



අදහස් (4)

අලි රංචුවක් පොල් ගස් 400ක් විනාශකරලා

විපරමා Thursday, 12 December 2024 04:32 PM

පොල් නෑ, ගාණ වැඩියි කියලා බෙරිහන් දෙන අයට මොනවා කියන්න බැරිද?

:       0       0

ජයනාත් Thursday, 12 December 2024 06:26 PM

පරිසර සංවිධාන ලොකු ලොක්කියන්ට කිව්වා නම් ඇවිත් පැල් රකින්නට කියලා හරි...

:       0       0

Goviya Thursday, 12 December 2024 11:49 PM

අලියද, වඳුරද අදාළ නැහැ, වගා පාලු කළොත් වෙඩි තියලා ඉවරයක් කරන්න අපිට දැන් බලය දීලා තියෙන්නේ අපේ ඇමැති තුමා...

:       0       0

Lalla Friday, 13 December 2024 07:48 AM

මේ ප්‍රදේශය රක්ෂිත නොවේ නම් මෙයට නිසි පිළිතුර අවශ්‍යයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site