ඉදිරියේදී පිහිටුවිමට නියමිත නායකත්ව මණ්ඩලයේ සමාජිකත්වය උපරිමය සිව් දෙනෙකුට සීමා විය යුතු බවත් නායක රනිල් වික්‍රමසිංහ මහතාද එයට ඈතුළත්ව ඔහු සතුව ඇති බලය සමසේ බෙදී යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවි කරුනණායක මහතා එසෑණට පෑවසීය.
සිව් දෙනකුට වඩා සාමාජිකයින් ගණන වැඩි වන්නේ නම් නායකත්ව මණ්ඩලය විහිළුවක් වන බවද ඔහු කියයි. පක්ෂ නායකත්වය බලා සිටින සජිත් ප්‍රේමදාස මහතා ගැන විමසිමෙදි රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ජනාධිපතිවරයෙකුගේ පුතකු පමණක් බවයි.ඒ හැරුණූ විට ‘‘ඔහුට අන් සුදුසු කමක් නෑ‘‘.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අලි මහා මණ්ඩල ගණන හතරයි‘ - රවි
යු. එස්. ඒ Tuesday, 22 October 2013 02:24 PM
මේ අයගේ කතා, අතීතය තවමත් අපේ සිංහලයන්ට අමතක නැත. කිලිනොච්චි යනවා කියා මැදවච්චි යනවා,සරත් ෆොන්සේකා සුදුසු නැහැ ගැළවිමේ හමුදාවටවත්,අලිමංකඩ කියා පාමංකඩ යනවා... මේවා නිසා සිංහල අය එජාපයෙන් ඉවත් වුණා. නායකත්වයේ සිටින බොහෝ දෙනෙක් ඉන් ඉවත් වුණොත් එජාපයට හොඳ අනාගතයක් තිබෙනවා (නි)
අමිල කටුනායක Tuesday, 22 October 2013 02:27 PM
අපි වෙන දෙයක් ගැන කතා කරමුද? (නි)
ගුණේ Tuesday, 22 October 2013 08:26 PM
රවීගේ කතාව අද දෙයියෝ සාක්කියට ඇතුළු කලානම් හොදයි කියා මට හිතෙනවා. කොහොමත් අලියාගේ කකුල් හතරට හතරක් ගැන තමයි එයා හිතල තියෙන්නේ. රනිල්,මංගල,රවී අනික කවුද?(නදී)
රසික Tuesday, 22 October 2013 02:38 PM
හතර දෙනෙක් සමබර නොවෙන බැවින් පස් දෙනෙක් සිටියා නම් හොඳ නැද්ද ? (ස)
කුමාර් Tuesday, 22 October 2013 02:43 PM
මොහාන්, හොඳ කියන්න තියෙන්න එපායැ. (ස)
ජයා Tuesday, 22 October 2013 03:18 PM
රවී මහත්තයා කට සද්ද නැතුව ඉන්නවද ? වැඩේ අනන්නේ නැතිව !!! (ස)
විරාජ් කාලිංග Tuesday, 22 October 2013 03:19 PM
සජිත්ට එහෙම හරි සුදුසුකමක් තියෙනවා.ජනතා කැමැත්ත වැඩි සජිත්ට බව ඔබ ඇතුළු සේරම දන්නවා. (ස)
මරික්කාර් Tuesday, 22 October 2013 04:12 PM
කවුරු මොනවා කිව්වත් සජිත් අවංක නිර්භීත නායකයෙක්. නායකයෙකුට සුදුසු සියලුම විශේෂලක්ෂණ සජිත් සතු තියනවා. සජිත් වැනි ජනරංජන නායකයෙක් තමයි අද එජාපයට අවශ්‍ය වෙලා තියන්නේ. (ස)
ජනක Tuesday, 22 October 2013 04:38 PM
ඉන්න අයගෙන් ජනතා කැමැත්ත වැඩිම සජිත්ට ඒ නිසා ඔහු තාම සුදුසුම. (ස)
රාහුල Tuesday, 22 October 2013 04:44 PM
බොරු මණ්ඩල වැඩක් නෑ.රනිල් මහත්තයෝ සජිත් මහත්තයට ඕක දීලා ඔබ තුමා කැමති නම් විදේශ කටයුතු බලලා දෙන්ඩ. (ස)
බුද්ධික Tuesday, 22 October 2013 11:58 AM
එතකොට මෙයාට තියන සුදුසු කම් මොනවද?. යු.එන්.පී එක අද මේ තත්වයට වැටෙන්න මෙයත් එක හේතුවක්.(නදී)
ඩයස් Tuesday, 22 October 2013 11:58 AM
ඔබ වැනි අයගේ යුද්දෙ ගැන තිබ්බ ආකල්ප නිසා තමයි යූඑන්පී එකට මෙහෙම උනේ.කරුණාකර පාමංකඩ කතා නොකියා නිහඩ වෙන්න. අපි නම් සජිත්ට. (ස)
පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 12:00 PM
අනේ උන්නැහේ සජිත්ට ඒ සුදුසුකම හරි තියෙනවා. එහෙම බැලුවොත් තමුන්ට ඒකත් නැහැනේ. ඔන්න ඔය කුහක කම නිසා තමයි යුඑන්පී එකට මෙහෙම උනේ, ඒ විතරක් නෙවෙයි යුද්දේ බොහොම අපුරුවට දිනාගෙන එද්දී තමුන් කරපු මෝඩ කතාව නිසා පක්සේ අවු 15 පස්සට ගියා, දැන්වත් දුර දර්ශි දේසපාලකයෙක් විදයට වගකීමක් ඇතිව වැඩ කරමු. (ස)
රණා Tuesday, 22 October 2013 05:04 PM
ඔය අනම් මනම් පාමංකඩ කතා නිසා තමයි යු එන් පි එකට මෙහෙම වුණේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ටෙනිසන් Tuesday, 22 October 2013 12:05 PM
මහා මණ්ඩලය ඔත්තේ ගණනක් විය යුතුයි. රවී මහත්තයා නැවතත් මෙය අවුල් කරන්නයි හදන්නේ.(නදී)
පුෂ්පකුමාර Tuesday, 22 October 2013 12:24 PM
ඔය කතා කරන වචන තවටිකක් හිතලා බලලා කතා කළා නම් පක්ෂය මීට වඩා දියුණු වෙනවා (නි)
ඔකිත Tuesday, 22 October 2013 12:25 PM
මේවට බොරුවට ප්‍රතිචාර දක්වන්න එපා (නි)
පෙරුමාල් Tuesday, 22 October 2013 12:35 PM
එතුමා කිවුවොත් “මාත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්“ කියලා, ඒක පිලිගන්න එක නුවණට හුරුයි. (ස)
නදිත Tuesday, 22 October 2013 12:36 PM
හතර දෙනෙක් කියන්නේ රනිල්ගෙ දෙන්නයි සජිත්ගෙ දෙන්නයි. අයෙත් වලටම තමයි ඇදෙන්නේ. අනේ මහත්තයෝ අලියට ගොඩ එන්න දෙන්න. ඔබතුමාගෙ කතා අපි දන්නවනෙ. වවුලන්ට ෂොපිං කරන්න සතොස ඇරල තිව්වෙ කවුද කියලා අපි දන්නවා. (ස)
ටුආන් Tuesday, 22 October 2013 12:41 PM
කකුලෙන් අදින්න හදන්න එපා රවී මහත්තයෝ, පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල්ගේ පුටුවට පත් කළ යුතුමයි. ආයේ කතා දෙකක් නැහැ. රවී මහත්තයාටත් මොකක් හරි තනතුරක් ඕනෑ නම් ඉල්ලගන්න.අපි පරම්පරාවෙන්ම නිල පාක්ෂිකයෝ. හැමෝටම වගේ අපටත් දුකයි පක්ෂය ගැන (නි)
රණසිංහ Tuesday, 22 October 2013 12:42 PM
අනේ මේ දැන්වත් කට වහගෙන ඉන්නවද....අපිට මතකයි ඔබතුමා කරපු වැඩ.....ජීවිත කාලෙටම........ (ස)
හිරු Tuesday, 22 October 2013 06:08 PM
මම නම් කියන්නේ සජිත් තමා නායකයා වෙන්න ඕනෑ. (නි)
අසංක Tuesday, 22 October 2013 06:11 PM
ඕනෑම රටක ආණ්ඩුවක් හරියට රට පාලනය කරවන්න නම් හොද විපක්ෂයක් තිබිය යුතුයි. (නි)
අහමෙඩ් Tuesday, 22 October 2013 06:32 PM
අන්තර්ජාලයේ අදහස් දක්වන අයගෙන් 80%ක්ම ආණ්ඩු වීරෝධීන්. නමුත් ඡන්දයක් තිබුණොත් ඒකේ අනෙක් පැත්ත. (නි)
රන්ජනී Tuesday, 22 October 2013 12:58 PM
රනිල්, සජිත් දෙන්නම එක වගේ. අන්තිමට එක්සත් ජාතික පක්ෂයට ඔය දෙන්නටම තරග කරගෙන තමා ඉන්න වෙන්නේ. (ස)
රංජිත් Tuesday, 22 October 2013 12:59 PM
ඔය ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක්. එ ජා පෙ කට්ටිය, මම නම් එ ජා පෙ නෙමේ. (ස)
ඉන්දික Tuesday, 22 October 2013 06:35 PM
කතා කරද්දී වචන ප්‍රවේශමෙන් කතා කළොත් හොදයි (නි)
කුමාරන Tuesday, 22 October 2013 01:00 PM
රවී මහත්තයට ඕනේ විදියට නෙවෙයි යුඑන්පී එක සංශෝධනය විය යුත්තේ. ජනතාවට ඕනේ විදියට.විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට සහ යුඑන්පි එක හිටපු පථාක යොධයො දෙන්නා නිහඩ වෙලා. අන්න ඒ අයගෙ අදහසුත් විමසා බැලිය යුතුයි. (ස)
චන්දි Tuesday, 22 October 2013 01:23 PM
මණ්ඩලයක් වැඩක් නෑ. අපේ එකම නායකයා සජිත්, අශ්වයෝ 1000 ක් දැම්මත් වැඩක් නෑ දිනන අශ්වයා නැත්නම් (ස)
සදුනි Tuesday, 22 October 2013 07:10 PM
සත්‍යය කටුකයි. අමිහිරියි. යථාර්තය තමයි සජිත් කියන්නේ ප්‍රාදේශීය නායකයෙකු බව. එයාට ඔච්චර ජනවරමක් තියෙනවා නම් පසුගිය මැතිවරණ වලදී එයාගේ ප්‍රදේශය පසුබැස්සේ ඇයි? (නි)
චමත් ඉතාලිය Tuesday, 22 October 2013 01:51 PM
මම නම් හිතන්නේ රවීට වඩා හොද අත්දැකීම් සම්භාරයක් සජිත්ට තිබෙනවා.ඒත් නායකත්වයට තවම තරුණ වැඩයි.නායකත්වය කරූට දීලා සජිත්ට උපනායකකම දීලා තව ඉදිරියට එ.ජා.පයේ නායකකමට සජිත්ට අත්දැකීම් ලබාගන්න ඉඩ දෙන්න ඕනෑ. (නි)
නිරෝෂන් Tuesday, 22 October 2013 01:51 PM
අපිට නම් අපේ නායකයා සජිත් (නි)
බුද්ධික Tuesday, 22 October 2013 01:52 PM
ජනතාවගේ ආකර්ශනය මොකක්ද කියලා මේ සමහරු දන්නේ නැහැ.සල්ලි තිබුණට ජනතා ආකර්ශනය ගන්න බැහැ. (නි)
සුමිත් Tuesday, 22 October 2013 01:59 PM
මට සිතෙන හැටියට රවී කරුණානායක තමයි පක්ෂයට සිටිය යුතු හොදම දක්ෂම උගත් නායකයා. (නි)
වෙද් Tuesday, 22 October 2013 02:02 PM
ඉසරදයට කොට්ටය මාරුකරන එක බොහොම හොඳ ප්‍රථිකර්මයක් කියලා පුරාණ ඍෂිවරු කියලා තිබෙනවලු. (නි)
මොහාන් Tuesday, 22 October 2013 02:06 PM
අපෝ මෙතුමාගේ හොඳ කියන්නේ නැහැනේ කවුරුවත්. මොකද ඒ ? (ස)
ගජනායක Tuesday, 22 October 2013 08:05 PM
රවීට ජයවේවා! රනිල් දිනේවා! මහින්ද මහතා සදාකාලික ජනපති වේවා! (නි)