IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලි පහරින් පාසල් සිසුවා මරුට

(බී.ජී.චතුරංග සහ රෝහණ චන්ද්‍රදාස)

මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු  අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිසා වැව, නීරාවිය, දේවානම්පියතිස්සපුර හතරවන පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රශීම් මොහොමඩ් රාසීද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවෙකි.

වී වෙළදාමේ කටයුතුවල නිරත වන ඥාති සහෝදරයෙකු බස් රථයකට ඇරලවා යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට පමණ එල්ලවූ වන අලි ප්‍රහාරයට මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කියයි.

 



අදහස් (13)

අලි පහරින් පාසල් සිසුවා මරුට

නිමල් Wednesday, 21 December 2022 01:51 PM

17 හැවිරිදි සිසුවෙක් ....... යතුරු පැදියකින් ..................... දෙමාපියන් නෙසැලිකිලිමත් සහ විනය ගරුක නොවන ....

:       66       9

Daham Wednesday, 21 December 2022 02:12 PM

නිමල්, අයි බැරි ? අවුරුදු 17 සම්පුර්ණ නම් සැහැල්ලු වාහන ,මෝටර් බයික් ලයිසන් ගන්න පුළුවන්. ලෝකය ගැන ටිකක් අප්ඩේට් වෙන්න

:       4       62

channa Wednesday, 21 December 2022 04:17 PM

දැන් ඉතින් කියයි නිවන් සැප ලැබේවා කියලා . ගම් වැද මිනිසුන්ට පහර දෙන වන අලින්ට වෙඩි තියන්ට ඇයි මෙතරම් මැලි වන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?

:       29       16

මොහොමඩ් Wednesday, 21 December 2022 05:19 PM

යතුරු පැදියකින් නැවත තම නිවස බලා ගමන් කරමින් සිටියදී අද අළුයම 4:45 ට මොහොමඩ් රාසිද් නැමැති 17 හැවිරිදි හැවිරිදි පාසැල් සිසුවා මෙලොව හැර ගියේ රටේ නීතියට නොව ඔවුන්ගේ නීතියට වයස ලයිසන් හෙල්මට් යතුරු පැදියෙන් යාමට අදාළ නොමැති නිසයි.

:       33       12

Hafeel Thursday, 22 December 2022 12:20 PM

ඇත්තටම මේ මොහොමඩ්ද? නැත් නම් මොහොමඩ් කියන නම මෙයාගේ අවශ්‍යතාවට භාවිතා කරනවද? අනික දැනට නීතිය කාටත් පොදුවෙන් හරියාකාරව ක්‍රයාත්මක කරනවද? එහම රටේ හරියාකාරව ක්‍රයාත්මක වෙනවා නම්, අද රටේ මෙච්චර දුෂණ, වංචා, ඝාතන සිදු කරන්න පුලුවන්ද? ඒ නිසා ඇයි එක් පාර්ෂයකට පමණක් චෝදනා කරන්නේ?

:       0       4

C.K.Lankaputhra Wednesday, 21 December 2022 08:41 PM

දහම් මහත්තයගේ කතාව වල්අලි ගැවසෙන ගම්මානවල ජීවත් වෙන අය හොඳට අහගන්න. ලයිසන් අරගෙන වාහනවලින් හැම දෙනාම ගමන් බිමන් යන්න පටන් ගත්තොත් අලින්ගෙන් බේරෙන්න පුළුවන් බවයි ඒ මහත්තයා කියන්නේ. පුදුම මොලයක් තමයි.

:       1       13

දිමුත්Thursday, 22 December 2022 12:23 PM

මොල හතේ ජාතියේ කෙනෙක් වෙන්නැති

:       0       2

නිමල් Wednesday, 21 December 2022 09:44 PM

දහම් බලන්න ප්‍රවෘත්තිය අවුරුදු 17 ක යෞවනයෙක් පාන්දර තුනට හතරට තනියම යවන දෙමව්පියන් ගැන වෙන කොහොම කියන්නද. කොල්ල යවලා සැපට නිදන්න ඇති.

:       6       1

sampath Wednesday, 21 December 2022 09:56 PM

ගම්වල දරුවන් යතුරුපැදිය ට්‍රැක්ටරේ අරන් යනවා. දැන් ඒකේ වැරැද්දට වෙනම දඩයක් . ඒත් මේ වල් අලින්ට මෙහෙම ජීවිත විනාශ කරන්න ඉඩ නොතැබිය යුතුයි.එක්කෝ මේ සතුන් වෙනම කැලයකට කොටු කරන්න ඕනේ. නැත්නම් විදේශ වලට තෑගි දෙන්න ඕනේ. නැත්නම් ලංකාවේම සල්ලි තියන මිනිස්සුන්ට හදාගන්න දෙන්න ඕනේ .නැත්නම් අලි ගහනය පාලනය කිරීමට ක්‍රමයක් ඕනේ .කී දෙනෙක් මේ විදියට අලි ප්‍රහාර වලට ගොදුරු වෙනවද

:       3       1

චින්තක Thursday, 22 December 2022 10:36 AM

සම්පත් ඔබේ අදහසේ මුල්ම කොටස ඉතාමත් සත්‍යයකි... මොකද මෙවර මහ කන්නයේ අපේ කුඹුරු හාන්න යහළුවකුගේ ට්‍රැක්ටරයේ වැඩට ආවේ ඔය වයසේ දරුවෙක් තමයි.. ඒත් අධිකාරියට කියන්න බැහැ... මොකද ඒ දරුවන් ජීවත්වෙන්නේ ඔහු කරන රැකියාවෙන් නිසා... කෙනෙක් කියාවි ලයිසන් නැතුව ගිය නිසා කියලා.. තවත් කෙනෙක් කියාවි හෙල්මට් නැතුව ගිය නිසා කියලා.. මැරෙන්න තියෙන වෙලාවට ඒවා අදාල වෙන්නේ නැහැ.. කොහොම වුණත් වල් අලින්ගේ ප්‍රශ්නය ඉක්මණින් විසඳීමට කටයුතු කරන්න ඕනෑ...

:       0       2

Senarath Thursday, 22 December 2022 11:59 AM

මේ දරුවා නොයවා, එයාගේ තාත්තා ගියත් ඔය ටික තමයි වෙන්නේ... කරුමයක් තියෙනවා නම්. හොඳම දේ ඔයවගේ පැතිවල උදේ 6ට කළින් ගමන් නොයා ඉන්න එක... කළුවර නිසා අලියා ළඟට එනකම් පේන්නේ නැහැ. අනෙක වෙලාව ආවාම අපිට යන්න වෙනවා. තරුණද, මහළුද කියලා නැහැ. සමහර සොල්දාදුවෝ යුද්දෙට සහභාගිවෙලා කිසිම තුවාලයක් නොමැතිව ගමට ආවාම, අනතුරකින් මැරුණු අවස්ථා තියෙනවා. කොටි මරපු පොලිස් නිලධාරීන් එක්කෙනෙක් තුවාල ලබලා තියෙද්දීත්... කොටින්ගෙන් බේරිලා ආවා.. ඒ දරුවට උපදින ආත්මෙක මෙවන් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

:       1       4

thilakThursday, 22 December 2022 05:28 PM

හැමදේම කර්මයට බාර දීලා උඩ බලාගෙන හිටියාම හරි යනවාද? ඕක තමයි මේ රටට ගහලා තියෙන හෙනේ...

:       1       1

Udhuli Thursday, 22 December 2022 01:13 PM

තරුණ කොල්ලෝ හිතුවක්කාරයි ගොඩක් වෙලාවට. මේ වගේ සිද්ධියක් වුණා වාහල්කඩ. ඉස්කෝලේ ළමයෙක් බයික් එකේ රෑ 8,9 අතරේ යනකොට මිනිස්සු කියලා තියෙනවා යන්න එපා අලියා ඉන්නවා කියලා. ළමයා ගණන් ගන්නේ නැතුව ගිහින්. පස්සේ අලියා ගහලා.. අලියට ලයිසන් තියෙනවාද? හෙල්මට් තියේද කියලා අදාල නෑ. එයා තිරිසන් සතා... දරුවාට ඔබ පතන ස්වර්ග මෝක්ෂය ලැබේවා.,!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site