IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘අලි පෝස්ටර් ත්‍රී රෝද රියේ‘

මීගහතැන්න පොල්ගම්පොළදී එජාපයේ කීර්ති කාරියවසම් මහතාගේ ඡන්ද පෝස්ටර් තොගයක් රැගෙන යමින් සිටි ත්‍රී රෝද රියක් අද (25) දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

‘අලි පෝස්ටර් ත්‍රී රෝද රියේ‘

කමල් Saturday, 25 July 2015 07:39 AM

මෙම ජාරාජීර්ණ දේශපාලනයෙන් රට මුදවා ගැනීමට නම් අප ජවිපෙට යම් බලයක් දියයුතුය. අද දේශපාලන පකෂයක් වශයෙන් ඔවුන් යුක්ති ගරුකව කටයුතු කරන නිසා. (ස)

:       0       0

නන්දලාල් Saturday, 25 July 2015 09:24 AM

අලි පෝස්ටර් ත්‍රී රෝද රියේ....! අලි ගෙනයන්න තරම් විශාල ත්‍රී රෝද රථ ශ්‍රී ලංකාවේ තියෙනවා කියලා ඇහුවෙත් අදයි ! (ස)

:       0       0

බණ්ඩාර Saturday, 25 July 2015 10:52 AM

දිනේෂ් ඔබගේ තීරණය සමග මමත් එකඟ වෙනවා. (ස)

:       0       0

සුදෙල්මි Saturday, 25 July 2015 11:04 AM

රටේ හමුදාව අපහාසයට ලක්කරමින් හමුදා අංක යොදාගනිමින් බොරුවට හඬ නගන හොර රැල වගේ නැතිව ජනතා වාහනයක් ඔබගේ දැන්වීම් ප්‍රවාහනයට යොදා ගැනීම මටනම් වරදක් කියල හිතෙන්නේ නෑ. (ස)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 11:31 AM

කමල් ,ජ වී පෙ රටට කල හදිය හොඳටෝම ඇති , 88 සමය අමතකද? තරුණයන්ගේ ජීවිත කීයක්ද ? රාජ්‍ය දේපල විනාශය කොපමණද ? ව්‍යාපාර විනාශ කොපමණද? එදා උතුරේ භීෂණය වගේ දකුණේත් භීෂණය නොතිබුණේද? රට අවුරුදු කීයක් ආපස්සට ගියේද? ආයුද සන්නද්දව රට ලේ විලක් කල මොවුන් දැන් එදා එලෙසම අහිංසක තරුණ තරුණියන් ඝාතනය කල අලියාගේ වල්ගේ එල්ලීගෙන දැන් මේ ඔබ තුමන්ලා කියන්නේ කුමක්ද? (ස)

:       0       0

දිනේෂ් Saturday, 25 July 2015 03:48 AM

මහින්දගේ කව්රුහරි මේකට අහු උනා නම් මෙතන ප්‍රතිචර දාන අය පිරිලා. දැන් එකෙක් නෑ. ඔන්න ඕක තමයී වෙනස. (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 25 July 2015 03:49 AM

හිටපු ජනපතිගේ සාප ලැබිය යුතු මනාප ඡන්ද ක්‍රමය සහ බල පෙරේත දේසපාලනය තුල මේ මනාප හිගන පෝස්ටර් ඇලවීම නැවැත්විය හැකිද.? පෝස්ටර් ඇලවීම තහනම් කල යුත්තේ එසේ පෝස්ටර් ඇලවීම කරවනු ලබන අපේක්ෂකයාගේ, අපේක්ෂකත්වය තහනම් කළහැකි සේ මැතිවරණ නීති සකසීමෙනි. නියම මහත්මා දේශපාලනයක් නැති රටක අපේ බල පෙරේත දේශපාලකයන් එය කරාවිද? (නදී)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 10:43 PM

එයාලා හිතන්න ඇති කරදරයක් වෙන එකක් නැහැ කියලා. (නි)

:       0       0

චමින්ද Saturday, 25 July 2015 01:06 PM

විජේසුන්දර ඔබ කියන විදියට ජේ.වී.පී එක දේශපාලනය නවතා දැමිය යුතුද? ඔවුන් කල දේවල් නිවැරදි නොවේ. නමුත් පසුගිය කාලය තුල දේශපාලන පක්ෂවල හැසිරිම අනුව ජේ.වී.පී එක රටට හිතකර ආකාරයට හැසිරී ඇති බව මගේ අදහසයි (නදී)

:       0       0

සමන් වසන්ත Saturday, 25 July 2015 01:09 PM

විජේසුන්දර මහත්තයා ඔබ තාමත් අතීතයේ ජිවත් වෙන කෙනෙක් වගේ. අපි අතීතය අමතක කරන්න ඕනේ නෑ... හැබැයි වර්තමානයේ ඇස් ඉදිරිපිට පේන දේ එක්කල අනාගතය ගැන හොද තීරණයක් ගන්න ඕනේ. 88ට කලින් ජ වී පෙ දේශපාලන භාවිතාව ගැන එකඟ වෙන්න බෑ වගේම 88න් පසු විනයක් ඇතිව ප්‍රතිපත්තියක් ඇතිව දේශපාලනය කරලා තියෙන්නේ ජවිපෙ විතරයි. ඔවුන් පෙන්වල තියෙන සහ පෙන්වන දේශපාලන විනය ලඟට එන්නවත් අනිත් ප්‍රධාන පක්ෂ දෙකට පුලුවන්ද? දේශපාලන බලයට මුවාවෙලා ජඩකම් කරන රටට විනකරන අපේක්ෂකයන් ඉන්න පක්ෂවලට ඡන්දෙ දෙන්න පුළුවන් මිනිස්සුන්ට විනයක් ඇති පක්ෂෙකට ඡන්දෙ දෙන්න බැරි එක දුකක්. හිටපු ත්‍රස්තවාදීන්ට උසස් තනතුරු දීපු පක්ෂයකට ඡන්දෙ දෙන්න පුළුවන් මිනිස්සුන්ට ජ වී පෙට ඡන්දයක් දෙන්න බැරි එක පුදුමයක්. හැමදාම බොරු පොරොන්දුවලට ඡන්දෙ දුන්න මිනිස්සුන්ට දැක්මක් ඇති පක්ෂෙකට ඡන්දෙ දෙන්න බැරි එක රටේම අවාසනාවක්. කොහොම උනත් ඔබතුමා ප්‍රංශයේ ඉන්න නිසා ඡන්දෙ දාන්න එන්න බැරි වෙයි. හැබැයි මේක බලන අනිත් අයටවත් මේක ප්‍රයෝජනවත් වෙයි.(නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 02:30 PM

අනේ ඇයි එයාලගේ පෝස්ටර් අල්ලන්නේ? (නි)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 06:42 AM

කව්රු කලත් වරද වරදම වේ. (ස)

:       0       0

නුවන් Saturday, 25 July 2015 03:58 PM

ඔන්න ඕකයි අපි බලාපොරොත්තු වුණ වෙනස. ආණ්ඩු පක්ෂයට, විපක්ෂයට කියලා නැතුව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.මීට කලින් නීතිය ක්‍රියාත්මක වුණේ විපක්ෂයේ අයට විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site