IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලි කොරිඩෝවේ වගා ඉවත් කරයි

(නිමල් ජයරත්න)

දේශපාලනඥයන් ඡන්ද අපේක්ෂාවෙන් ඔවුන්ගේ ආධාරකරුවන්ට වගා කිරීමට ලබාදී  අලි ගමන් කරන මාර්ගයේ,  තිබෙන කුඹුරු මෙන්ම වගාවන් වහාම ඉවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යයන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානය දක්වා දිවෙන අලි කොරිඩෝව ඉතා කඩිනමින් ඉදිකර, මාදුරුඔය, වස්ගමුව, සෝමාවතිය, ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අතර අලින්ට ගමන් කීමට  අවස්ථාව සලසා දෙන ලෙස ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා   බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම කන්නයේ වගාකර ඇති කුඹුරුවල වී අස්වනු නෙලීමෙන් අනතුරුව දිඹුලාගල හුංගමාල ඔය හරහා තිබූ අලි ගමන් කරන මාර්ගය ශක්තිමත් කරමින් වන අලින්ට නිදහසේ ගමන් කිරීමට එය අවස්ථාව සලසා දෙන ලෙසත් පසුගිය රජයන් විසින් දේශපාලන උවමනාව මත ලබා දී ඇති ඉඩම් මාස තුනක් ඇතුළත අවලංගු කර වන අලින්ගේ ආරක්‍ෂාවට එම වැට ශක්තිමත්ව ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සියලු සහාය තම රජය විසින් ලබාදීමට කටයුතු කරන ලෙසද බවද සරත් මහතා මෙහිදී කීවේය.

යුද හමුදාව, පොලිසිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.

 



අදහස් (1)

අලි කොරිඩෝවේ වගා ඉවත් කරයි

Lalla Tuesday, 31 December 2024 08:15 AM

බොහෝ අලි මිනිස් ගැටුම් වලට හේතුව අලි ගෝචර බිම් මනුෂ්‍ය පරිභෝජනයට යොදාගෙන තිබීම. මේ ඉතාම සාධාරණ තීරණයක්.ඒත් ඕකට හෙන්චයියෝ අත නොදා ඉන්න එක සැකයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site