
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමාන් අල් සවේරී ඝාතනය කිරීමට ඇමෙරිකා හමුදාව සමත් විය.
ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ තොරතුරු පාදක කර ගනිමින් අල් සවේරී ඝාතනය සිදුවූයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කරමිණි.
ප්‍රහාරයට ලක් වෙද්දී අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සිටි බව ද පැවැසෙයි.
ඇමෙරිකන් හමුදා සවාරී ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ පසුගිය ඉරිදා (31) ය.
අල් සවේරී ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් සියලු විස්තර ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මාධ්‍ය හමුවක් හරහා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල් කයිඩා නායක සවාරි මරා දැමේ
Bamunuarachchi Tuesday, 02 August 2022 06:11 AM
මෙන්න සැලියුට් එකෙක්. මෙම ආගමික වර්ගය ලෝකයටම උවදුරක් හෙවත් menace එකක්. එක එකා හරි මරා දමා ලෝකය අන් සෑම අගමිකයෙකුටම ජීවත් විය හැකි ස්ථානයක් කරන්න ජොබ් එක ඇමරිකාවට බාර දෙමු.
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 August 2022 08:04 AM
මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානවලින් ලෝකයට ඇත්තේ පුදුම වදයක්... ඇමෙරිකාව සියයට සියයක්ම නිවැරදි නොවෙන්නට පුළුවන්. ඒත්, ආගමික අන්තවාදයක පැටලී, මලේච්ඡ අයුරින් ලේ ගංගා හලා වටිනා මිනිස් ජීවිත අමුඅමුවේ විනාශකොට දැමීම ආගමක් නාමයෙන් කෙරෙනා මුලාවක් නොවේද? ආගමකින් මිනිසා ශිෂ්ඨ සම්පන්න වීම සිදුවීම අගනා දෙයකි. ඒත්, අපේ ආගම පමණයි ලොව තියෙන්නට ඕනේ. අන් ආගම් අදහන අය මරා දැමිය යුතුය යන්න මොනතරම් බොළඳ ම්ලෙච්ඡ අදහසක් දැයි යන්න ත්‍රස්ත සංවිධාන අවබෝධ කොට ගන්නේ නම්, එය මොන තරම් වාසනාවක්ද?
අමා Tuesday, 02 August 2022 02:22 PM
මේ වැඩේට නම්, මානවහිමිකම් යන්න වෙනව, අහවල් තානාපතිනිය ටුවිටර් පනිවිඩයක් එහෙමත් නිකුත් කරල ඇති.