(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ අලි මිනිස් ගැටළුව අතිශය බරපතලයි. වගා හානි මෙන්ම ජීවිත හානිද වෙනවා. සමහර ප්‍රදේශවල සංවර්ධනය ඇනහිට තිබෙනවා. මේ රටේ අලි ගහනය පිළිබඳ සංගණනයක් කළ යුතුයි.අන්තිමට සංගණනයක් කළේ 2011 වසරේ.එහිදී අලි 5879ක් හිටියා.අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා අලි සංගණනයක් තවම සිදුකර නැහැ. සංචාරක කර්මන්තයේ සංවර්ධනය උදෙසා මෙන්ම අලි මිනිස් ගැටුම නතර කිරීම සඳහා මාර්ගයක් පාදා ගැනීමට අලි සංගණනය කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලි සංගණනයක් කරන්න