IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා

(රෝෂන් තුෂාර)

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට  කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන   හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින්  අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව  අද(2) දැනුම් දී ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින්    රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

රාජිත.  සේනාරත්න  මහතාගේ නීතිඥවරයෙක්  උදෑසන අල්ලස් කොමිසමට පැමිණ  රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකයට රාජිත සේනාරත්න  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පසුගිය 27 වැනි දින  සඳහන් කර තිබිණි.



අදහස් (10)

අල්ලස් කොමිසම කැඳවද්දී රාජිත ලෙඩ වෙලා

මහසෙන් Wednesday, 02 July 2025 05:20 PM

දත් කැක්කුම ද ලෙඩේ?

:       4       101

විපරමා Wednesday, 02 July 2025 06:12 PM

හුඟක් දූෂිත දේශපාලුවන්ට සාමාන්‍යයෙන් ඇතිවන රෝගී තත්වයක්. පහුගිය කාලවලත් හිටපු ගමන් ලෙඩවෙන අයත් අපි දැකලා තියෙනවා...

:       5       53

janabala asamagi Wednesday, 02 July 2025 09:25 PM

සෞඛ්‍ය ඇමති දේශපාලනයෙන් ගොඩ ගිය උන් දසලක්ෂ ගණන් රජයේ මුදල් වලින් සිංගප්පුරුවෙන් ප්‍රතිකාර ගත්තේ.

:       0       1

කපුරුහාමි Wednesday, 02 July 2025 09:32 PM

දැන් ඉස්සර වගේ දත් ගලවන්ඩ බැරුව ලෙඩ වෙලා?

:       0       3

කව්ද බෝයි Wednesday, 02 July 2025 09:59 PM

මේකාට, කෙහෙළිය ගෙනාපු බෙහෙත් දුන්නානම් නිට්ටාවටම සුව වෙනවා.

:       0       5

Rata Perata Wednesday, 02 July 2025 10:34 PM

බලාගෙන ගියාම මුන් සනීපෙන් ඉඳලා තියෙන්නේ සල්ලි ගහන්න විතරයි. ඒවා ගැන අහනකොටම ලෙඩ වෙනවා

:       0       4

Nishan Thursday, 03 July 2025 04:48 AM

නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.

:       8       1

PA RA Thursday, 03 July 2025 08:37 AM

සමාජයේ කථිකා වන නැව් ගනනාවක් හිමි එ්වා විදේශ රටවල රෙජිස්ටර් කරන ලද හා එම අාදායම් රටේ දේශපාලනයෙන් යම් යම් අාකාරයෙන් උපයාගත් බව අපට නිතර අසන්නට ලැබේ

:       0       13

achini Thursday, 03 July 2025 12:36 PM

අල්ලස් කොමිසමට කැදවාපුවාම වෙලාවට කලිනුත් කලුතර පැත්තේ එකෙක්ට නයෙක් ගැහුවාලු නේද?

:       0       5

කපුරුහාමි Thursday, 03 July 2025 01:40 PM

මහින්දයාගේ දෑත් ශක්තිමත් කරන්ඩ කියලා පැනපු කෙනා. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු බලලෝබි බඩගෝස්තරවාදි තවත් දූෂිතයෙක් .දත් ගලවන්ඩ විදියක් නැතුව ගියා. හිතේ අමාරුවට ලෙඩ වෙන්ඩ ඇති?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 303 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 789 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site