IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ඉල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැටලීමක් කරන මුවාවෙන් බම්බලපිටිය ක්‍රෙස්ටර්  පෙදෙසේ  ඉන්දියන් පුද්ගලික සමාගමක්  වෙත ගොස්. රුපියල් ලක්ෂ 50  ක  අල්ලස්   මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන්   කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනමට ලක් කර  ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන්  කියයි.

 ව්‍යාපාර සඳහා උපදේශන, දත්ත ඇතුළත් කිරීම් , අලෙවිකරණ ඇතුළු විවිධ සේවා සපයන එම ආයතනය වෙත ඉකුත් 21 වෙනිදින  ගොස් තිබූ උප පොලිස් පරීක්ෂකවරයා වැටලීමක් සිදු කිරීමට පැමිණි බව පවසා ඔවුන්ගේ නිදහසට කරුණු උසාවියේදී ඔප්පු කරන ලෙසත් එසේ නොමැති නම් ලක්ෂ 5 ක් හෝ එයට ආසන්න මුදලක් ගෙවා සම්පූර්ණයෙන්ම සමථයක් කර ගත හැකි බවත් පවසා තිබූ  බව එම සමාගමේ  උසස් නිලධාරියකු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා වෙත  පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

එම උප පොලිස් පරීක්ෂකවරයා එදින එම අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



 



අදහස් (1)

අල්ලස් ඉල්ලූ එස්.අයිගේ වැඩ තහනම්

kasun Tuesday, 25 June 2024 05:14 AM

මුන්ගේ නම් එක්ක දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site