(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පසුපස හඹා ගොස් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් බලෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත ක්ෂණික විහිඳුම් යතුරු පැදි ඒකකයේ රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.
සැකකාර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු සමග ඊයේ (02) අපරාධ වැළැක්වීමේ යතුරුපැදි සංචාර රාජකාරියේ යෙදී සිටියදී මෙම සිදුවීම වී තිබේ.
කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් 10.000 ක මුදලක් අල්ලස් වශයෙන් බලෙන් ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට