IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අල්ලස් ගත් IP ගේ මුහුණ රැඳවියෙකු කපලා

(රෝෂන් තුෂාර)

රුපියල් 454,200ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ යැයි බන්ධනාගාරගත කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයාගේ  මූහුණ තවත්  රැඳවියෙකු විසින් බ්ලෙඩ් තලයකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ  ගමගේ මහතා අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බොරැල්ල පොලිසියට දන්වා සිටියේය.

සැකකාර ලසන්ත ධර්මරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත හෙට්ටිආරච්චි මහතා ඉදිරිපත් කළ මෝෂමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන සැකකරුගේ මුහුණ පසුගිය 10 දින පාතාල නායකයෙකුගේ ගෝලයෙකු විසින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් කළේය.

සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් කඩිනමින් අවසන් කරන ලෙස අල්ලසූ දූෂණ විමර්ශන කොමිසමට දන්වා සිටි මෛත්‍රාත්වරයා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 19වෙනි දින කරුණු ඉදිරිපත් කරන ලෙසද දන්වා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරී රුපියල් 154200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අල්ලස් කොමිසම මගින්  අත්අඩංගුවට ගෙන පසුගිය හයවෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.



අදහස් (0)

අල්ලස් ගත් IP ගේ මුහුණ රැඳවියෙකු කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site