(රෝෂන් තුෂාර)
දිවා ආහාර ටෙන්ඩරය ලබාදීම සඳහා තුටු පඩුරක් ලෙස රුපියල් තිස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි සැකයට අත් අඩංගුවට පත් ඇහැලියගොඩ (දෙමළ විද්‍යාලයේ) ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ලබන 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(03) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පසුගිය විසි එක්වෙනි දින අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අශෝක් කුමර් නැමැති අයෙකි.
සැකකරු විසින් සුභසාධන කටයුතු සඳහා වන ටෙන්ඩරය අනුමත කර දීම සඳහා රුපියල් තිස් දහසක මුදලක් ඉල්ලාඇති අතර මුලින් රුපියල් දස දහසක් ලබාගෙන ඉතිරි රුපියල් විසිදහස ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් විදුහල්පති යළි රිමාන්ඩ්
Nimal Tuesday, 04 June 2024 08:23 AM
ඇයි මෙතුමාගේ නම විතරක් දාන්නේ ?අර බාර් පර්මිට් ගත්තු අයගේ නම් ලිස්ට් එකත් ඔහොම්මම දාන්නකෝ