IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අලියා මරා පුළුස්සා දැමූ අයෙක් අත්අඩංගුවට

(ප්‍රභාත් නෙත්තසිංහ, ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය කොටුඅත්තාවල ප්‍රදේශයේ දී වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

වන සතුන් දඩයම් කිරීම සඳහා යෙදූ විදුලි රැහැනක පැටළී දින කීපයකට ඉහත මෙම වන අලියා මිය යන්නට ඇතයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.


කොටුඅත්තාවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මියගිය වන අලියාගේ කොටස් පුලුස්සා වළදමා ඇති බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද පරීක්ෂණ වලදී වළදැමූ සිරුර  හමුවී ඇත.

වන අලියාගේ සිරුර වළදමා තිබූ ඉඩම අයිතිකරු ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් සැඳව සිටියදී කුරුණෑගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වයස අවුරුදු 47 ක තිදරු පියෙකු වන අදාළ පුද්ගලයාට එරෙහිව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

 



අදහස් (0)

අලියා මරා පුළුස්සා දැමූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site