සූරියවැව මහ ආරේ වගා බිමකදී වසර හතරකට පෙර විදුලි සැර යොදා අලියකු මරා සිරුර ජේ.සී.බී. යන්ත‍්‍රයක් යොදාගෙන කෙසෙල් වත්තක වළ දැමූ එක්දරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. තංගල්ල පොලිසියට ලැබුණු පෙත්සමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අලිියාගේ සිරුර අඟහරුවාදා (19) ගොඩ ගැනීමට නියමිතය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අලියා මැරූ ගොවියා වසර හතරකට පසු අල්ලයි
අනුත්තරා Monday, 18 June 2012 05:06 PM
අනේ ඇයි අය්යලා අන්කල්ලා බොරු ලියන්‍නේ මෙහෙම මට හිතා ගන්න වත් බැහැ.බොරු කියන්න හොද නැහැ.බොරු කියන් නේ නරක අය කියලා දහම් පාසැලේ ටීචර් කියලා දුන්නා පාඩමකදී.මගේ අයියා මා එක්ක සෙල්ලම් කලා.එයා කම්පියුටර් ගේම් ගහන්න මිසක් මේවා ලියන්න එන් නේ නැහැ.ඔයාලා ඇයි මගේ අයියා වගේ බොරුවට කියන්නේ.එහෙම කියන්න එපා අන්කල් බොරු කියන්න හොද නැහැ
වන්නිල ඇත්තෝ Monday, 18 June 2012 01:55 PM
අනුත්තරා ලමිස්සියේ අපි අලි බෙටි අරන් වගා කරපු කාලේ ඉවරයි. තිසාහාමි උන්නෙහෙ කියනවා වගේ රිදෙන්නේ තුවාල තියෙන එක්කෙනාටලු. පෙරහැරේ අලි බලපු ඔයා ලමිස්සිට වල් අලි ගැන මොකක් දන්නවද හා....? කොටා දමන්නා මර මර කොටා දමන්නා.. වගා පලු කොරන අලි ටික කොටා දමන්නා
අමිල කටුනායක Monday, 18 June 2012 05:50 PM
මට නම් දැනටම වෙරළු මල් සුවද දැනෙනවා..මට හරි ආස හිතෙනවා ඒ සුවදට.
දිනූෂි නවරත්න Monday, 18 June 2012 01:21 PM
ඇයි අයියේ ඔයාලා හැම වෙලාවේම පව් කතා ලියන්නේ හිතක් පපුවක් නෑ වාගේ.මටත් අයියලා දෙන්නෙක් ඉන්නවා.එයාලා නම් ඔහාම නැහැ. මටත් වැඩිය එයාලා තමයි අලි බලන්න යන්න ආසාම.මමත් අලියන්ට ආසයි තමයි.හැබැයි වැඩියෙම ආසා ඇත්තුන්ට.ඇතා කොච්චර ලස්සනයිද නේද?මම ආසම සතා තමයි ඇතායි අලියයි.ඉස්සර මම පොඩිකාලේ මාව අලියගේ බඩ යටින් අරගෙන ගිහිල්ලා තිබෙනවාලු බය නැති වෙන්නලු එහෙම කරන්නේ.
අමිල Monday, 18 June 2012 05:51 PM
අලියව වළලන්නේ නැතුව ගහක් උඩින් තිබ්බනම් ඉවරනේ
වරුණ Tuesday, 19 June 2012 08:38 AM
ප්‍රියන්ති, ඔයාගේ දූලා දෙන්නගේ තාත්තා වෙන්න කලින් නේද එයා ඔයාගේ සැමියා වුණේ? එතකොට ඔයා එයාට කතා කරන්නේ කාලකණ්නි සතා කියලද?
ප්‍රියන්ති අල්විස් Monday, 18 June 2012 01:27 PM
පිරිමි ටිකක් මෙතනට ඇවිල්ලා කෙල්ලන්ට ලයින් දාන්න ගත්තා නේද?
දිනූශි Monday, 18 June 2012 01:31 PM
හැම දෙයකම ලොකු ලොකු ඒවාට කැමති අය අලින්ට ආසයි මෙයා ..
කඩවසම් කොල්ල Monday, 18 June 2012 05:37 PM
අනුත්තරා නගෝ අයියා ගේම් ගහන්න විතරද දන්නේ?
සජී Monday, 18 June 2012 05:38 PM
කවුද දන්නේ නෑ මේ අනික් සජී
කුමාරි Monday, 18 June 2012 01:34 PM
ඔව් දිනුෂි නංගි අලියට වැඩිය ඇතා ලස්සනයි. මම ආස දිග දළේටයි හොඬ වැලටයි
කුමාරිකා Monday, 18 June 2012 02:16 PM
මිනිස්සු මරල නිදැල්ලේ ඉන්න අයට ඇයි මෙහෙම දඩුවම් නොදෙන්නේ...
අමිල කටුනායක Monday, 18 June 2012 02:17 PM
කවුද බොලේ අනිත් කටුනායක අමිල...
කිරිසප්පයා Monday, 18 June 2012 05:45 PM
මෑ මල් සුවඳ දැනේ...
කිරිමාටින් Monday, 18 June 2012 03:05 PM
අලි බබා කියනවනම් අලියව උල තියන්න ..
sltk2004 Monday, 18 June 2012 02:35 PM
@අනුත්තරා : ඔය ගේ ගෙදර අලි කඩලා දාල, වත්තේ ගස් කොලන් විනාශ කරලා, පවුලේ කෙනෙකුත් මැරුවනම් ඔය ඔහොම කියන එකක් නැහැ
අන්දරේ Monday, 18 June 2012 03:24 PM
මේ ඊයේ පෙරේදා ඉදලා ගෑණු ළමයි කට්ටියක් කමෙන්ට්ස් දානවා යන්නේ කොහේද මල්ලේ පොල් වගේ
වරුණ Monday, 18 June 2012 03:27 PM
මේ ප්‍රියන්ති,අලි බලන්න ආපු ගමන් කෙල්ලෙක් දිහා බැලුවට මක් වෙනවද?ප්‍රියන්ති දිහා කවුරුවත් බලන්නේ නෑ වගේ
තිසා හාමි Tuesday, 19 June 2012 03:53 PM
ප්‍රියන්තිට පවුල් ප්‍රශ්න ඇති.ඒවා මේකට අදාල නෑනේ...
අමරා ඉරංගනී Monday, 18 June 2012 08:04 PM
නීතිය අකුරටම ඉටු කිරීම සාධාරණයි...
තිසා හාමි Monday, 18 June 2012 03:44 PM
අනුත්තරා ඔයාල වගේ අයට යථාර්ථය තේරෙන් නැහැ.යථාර්ථය තමයි අලි ඇවිත් වගාවන් පාලු කරල දානවා. ඒ මිනිස්සු රට වටේටම ණය වෙලා වගා කරලා අන්තිමට ඒවා අලි විනාස කරලා දැම්මම ණය ගෙවා ගන්න බැරුව තමන්ගෙ දරු පවුල් නඩත්තු කර ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්න තත්වෙට පත් වෙනවා.ඔයා නිකං අලි ගැන කියෙව්වට ජීවත් වෙන්නෙ සුරංගනා ලෝකෙක වගේ...
අනුත්තරාගෙ අයියා.... Monday, 18 June 2012 03:07 PM
මේ අනුත්තරා නංගි ඔයා නිකං බොරු කියන්න එපා. උපන්තෙකට ඔයා අලියෙක්ව දැකල තියෙනව ද ඇත්තටම.....?
බණ්ඩයියා Monday, 18 June 2012 03:51 PM
අර පොඩි පැටියෙක් එහෙම හිටපු ඇතින්නක් එහෙම මැරුවේ.මතක නේද? ඒ අලි මරුවාවත් අල්ලලා හිරේ දාමුද?
මහත බතා Monday, 18 June 2012 09:02 PM
අලි ජේමිස්ට කියල හොද වැඩක් කරන්න ඔ්නෙ
ප්‍රසන්න Monday, 18 June 2012 03:15 PM
මේවා කියවන අපිට පිස්සු
ගාමිණී Wednesday, 20 June 2012 08:23 AM
. ලංකාදීපයට මුළු හදින්ම ස්තුති කලයුතුයි මම අවස්ථාව හැමෝටම ලබාදීම ගැන. නමුත් බොහෝ දෙනකු ඉන් නිසි ප්‍රයෝජන නොගෙන නිකන් වල්පල් දොඩවන එක මහා අපරාදයක් නේද? ඕනෙම දෙයක් නිකම් ලැබෙනකොට අගයක් නැහැ. අපිට සල්ලි දීල මේවා දම්මවා ගන්ඩ වෙලා තිබෙන කාලෙක ලංකාදීපය කරන මේ මෙහෙවර අගයන අතර මෙම අවස්ථාව තම නිදහස් මත පල කිරීමට පමණක් යොදාගන්නා ලෙස ඔබ හැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. වෙනත් අයට ගැරගීමට සහ පිළිතුරු දීමට වඩා වැදගත් වන්නේ ඔබගේ අවංක අදහස් බවයි මගේ හැගීම.
ධනුෂ්ක. Monday, 18 June 2012 03:50 PM
වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි, ලකුණු 97 ලබා ගත් කුමාර් සංගක්කාරත් වැරදියි
අනුශ්ක Monday, 18 June 2012 04:29 PM
අලියා පව්, අලියා මරපු මිනිහ වැරදියි, වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි, ලකුණු 97 ලබා ගත් කුමාර් සංගක්කාරත් වැරදියි.
ධනුෂ්ක Monday, 18 June 2012 03:51 PM
අලියා පව්, අලියා මරපු මිනිහ වැරදියි, වසර හතරකට පසු පෙත්සමක් ගහපු මිනිහත් වැරදියි
කිරිමාටින් Monday, 18 June 2012 04:02 PM
පිස්සු නේ
විරාජ් Monday, 18 June 2012 11:52 AM
අලි ගහනය වැඩි වී ඇත......
ආදිවාසියා Monday, 18 June 2012 04:11 PM
වරද තියෙන්නේ අලියගෙවත් මිනිහගෙවත් නොව ජාතික ධනය තම දේපල ලෙස සිතා වැඩ කරන දේශපාලුවන්ගේයි
කිරිමාටින් Monday, 18 June 2012 12:38 PM
පිස්සු නේ ...... වනජීවී ඇමති මොනවද මේ කරන්නේ.... බඹරුද..?...අලිද ..?..වගාවද ..?.මිනිස්සුද...?
පැට්‍රික් Monday, 18 June 2012 12:40 PM
ගොවියන් මැරූ අලියන්ට මොකද කරන්නේ....
අයෝමි ශානිකා Monday, 18 June 2012 12:07 PM
අලියෙක් වුනත් ප්‍රාණියෙක් මරපු එක වැරදියි..
නවීන් Tuesday, 19 June 2012 01:58 AM
කිරිමාටින් ඔබතුමා නම් හරි වගේ.....
රංගා ශානි Monday, 18 June 2012 12:08 PM
මේක තනිකරම සාවද්‍ය ඝාතනයක්.හරිම කුරිරු විදිහටයි අලියා මරලා තියෙන්නේ.
ප්‍රියන්ති අල්විස් Monday, 18 June 2012 12:09 PM
අලියා නිකම්ම මරලා නම් ඒත් කමක් නැහැ.අලියා මරලා ඒ බව හංගන්න උත්හාස දරලා.සිරුර වළ දමලා
ඉන්දු Monday, 18 June 2012 12:09 PM
අනේ පව් අලියා මරපු මිනිහට හොඳක් නම් වෙන්න එපා.
රජිත් Monday, 18 June 2012 05:05 PM
අලියාට උගේ විශාල ශරීරය පේන්නේ නැති වගේ පාලකයින්ට දුප්පත් ගොවි ජනතාව පේන්නේ නෑ
අලිබබා Monday, 18 June 2012 12:11 PM
අලි මොකටද මිනිස්සු ඉන්න තැන්වලට යන්නේ.ඒ නිසා මිනිස්සු ඉන්න තැන්වලට එන අලි මැරුවාට කමක් නැත.
කෞශල්‍යා බස්නායක Monday, 18 June 2012 12:53 PM
මගේ ගම මහනුවර.දළදා පෙරහැරට කරඬුව ඇතා වඩම්නකොට තිබෙන සිරියාව නිසයි දළදා පෙරහැර අලංකාරවත් වෙන්නේ.මේ නිසා අලියා අපට නම් පූජනීය වස්තුවක්.එවන් අලියෙකු මැරීම නීතියෙන් දඩුවම් කළ යුතු කාරණයක්
සක්කරවට්ටම Monday, 18 June 2012 12:55 PM
අලි මැරීමට නිතියෙන් අවසර ලබා දුන්නා නම් මේ ගැටළුවක් ඇති නොවේ. මන්ද එවිට ඕනෑම කෙනෙකුට අලි මරා දැමිය හැකි බැවිනි. වහාම මේ ගොවියා නිදහස් කළ යුතුය. අනික අලියෙක්ගේ ජීවිතය වගේම මිනිහෙකුගේ ජීවිතය.අද මිනිස්සුත් මැරෙන රටේ අලියෙකු මැරීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ.
අනුත්තරා Monday, 18 June 2012 12:18 PM
මම අලි බලන්න හරි ආසයි.පෙරහැර තියෙන කාලේට මම වැඩියෙම බලන්න ආස අලි පෙරහැරේ නට නටා යන හැටියි.අනික පින්නවල, දෙහිවල වැනි ස්ථානවලට ගොස් විවේක කාලය ගත කරන්න අපි පවුලේ අය පුරුදු වෙලා ඉන්නවා.මේ නිසා අලියා අපේ ජීවිතවලට සමීපයි.මම ගොඩක් සංවේදී කෙනෙක්.මට නම් අලියෙකු මැරීම මිනිසෙකු මැරීම හා සමානයි.මේ නිසා මේ කරලා තියෙන්නේ බරපතල වරදක්
බුලත් කොල්ලා Tuesday, 19 June 2012 02:59 AM
මෙහෙම ගියොත් ඡන්ද කොලෙත් අලියෙක් නැති වෙයි..
අමිල කටුනායක Monday, 18 June 2012 01:00 PM
අලියෙකු මැරිම කූඹියෙකු මැරීමට කිසිසේත්ම දෙවෙනි නොවේ.අනික අලි අපේ රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැත.අලින් නඩත්තු කිරීමද ගැටළුවකි.
පොතේගුරා Monday, 18 June 2012 12:21 PM
නීතිය කැලෑවට නම් අගේට ඉටු වෙනවා වගේ ...
නිර්මාණි වත්සලා Monday, 18 June 2012 01:05 PM
මම අලීන්ට ගොඩාක් ආදරෙයි.මගේ පාසැල් පොත්වල පිටකවරවලට වැඩියෙන්ම යොදලා තිබෙන්නේත් අලින්ගේ පින්තූර.අලියා ගොඩක් හැඟම්බර සංවේදී සතෙක්.අනික අපේ ආගමේ විවිධ අවස්ථාවලදී අලියා අපිට ප්‍රයෝජනවත් වෙනවා.අලි හා ඇත් සත්ව සංකේතය සඳකඩ පහන, මුරගල්,ආදී කලාකෘති වලදී භාවිතා කරනවා.විහාරාරාම බිත්ති සරසවන චිත්‍ර සම්ප්‍රදායන්වලටත් අලියා හා ඇතා නැතිවම බැරි සත්වයන්.අලියා මිනිසුන්ට බොහෝ උපකාරී වෙනවා.බෝධිසත්වයන්වහන්සේත් එක්තරා භවයකදී ඇතෙකු හා අලියෙකු ලෙස උපතලබා තිබෙනබව පන්සිය පනස් ජාතක පොත්වහන්සේ කියවන විට පෙනී යනවා.
තිසා හාමි Monday, 18 June 2012 12:27 PM
අනුත්තරා ඔය නිකං පොඩි ළමයෙක් වගේ කතා කරන්න එපා. මමත් විරුද්දයි අලි නෙමේ කූඹියෙක් හරි මරනවට. එත් රිදෙන්නෙ තුවාලෙ තියෙන මනුස්සයට. අපි මෙතන ඉද්ගෙන කොමෙන්ට් කලාට අපි දන්නවද ඒ මිනිස්සු තමන්ගෙ වගාව ආරක්ෂා කර ගන්න මහන්සි වෙන තරම. තමන්ගෙ දරු පවුල නඩත්තු කරන්නෙ කොහොමද අලි ඇවිත් ඒක විනාස කරල දැම්මම?මරල නෙමේ.මරන්න වෙන තැනට වැඩ සිද්ද වෙන් ඇති.රජය වග බලා ගන්න ඕන යටිතල පහසුකම් නඩත්තු කරන්න මේ වගෙ ගැටුම් ඇති නොවෙන්න.
දේවිකා රත්නායක Monday, 18 June 2012 01:09 PM
අලියා අපේ රටට සම්පතකි.සංචාරක කර්මාන්තයේදී බොහෝ මුදල් උපයන අවස්ථා ඇත්තේ අලියා ඇසුරෙනි.අනික අලියාගේ ප්‍රභේද අනුව ලංකාවටම ආවේණීක අලි වර්ගද සිටිති.ලංකාවේ වන ගහණයට හා ජනගහනයට සාපේක්ෂකව අලි සංඛ්‍යාව දිනෙන් දින පහත බසී.අලි ගණන වැඩි නොවේ.එබැවින් මෙසේ අලි මරා දැමුවහොත් යම් දවසක සත්ව උද්‍යානයකට වත් මතු පරපුරට දැක බලා ගැනීමට අලින් අප්‍රිකාව වැනි රටකින් ගෙන ඒමට සිදුවෙනවා සිකුරුය.
සඳමාලි Monday, 18 June 2012 01:11 PM
ඇයි අනේ ඔයගොල්ලෝ ඔච්චරම නපුරු අය වෙලා තියෙන්නේ.අලි මැරුවට කමක් නැහැ කියලා කියන්නේ ඇයි.ඔයගොල්ලන්ට නම් හදවතක් නැහැ.අනේ පව් අනේ මට නම් හරි දුකයි මේ කරලා තියෙන අපරාදේට
ලාල් ගලබඩ ඉතාලියේ සිට Monday, 18 June 2012 12:33 PM
මේ විදිහට මැරෙන අලින්ට විරුද්ධව අදහස් දක්වන්නේ ඔයාල කවුද ???????.පව් නැද්ද?දැන් ලංකාවේ මිනිසත්කම නැතිවේගෙන යනවා වගේ
සක්කරවට්ටම Monday, 18 June 2012 12:35 PM
නංගී ඔයාලටත් ඉතින් දුක අලි ගැනම විතරයි වගේ.ඇයි අපි ගැන දුක නැද්ද අපි ගැන බලන්න තමයි කවුරුත් නැත්තේ.මේ වෙලාවට මට හිතෙනවා මමත් අලියෙක් වෙලා හිටියා නම් කියලා.
චුටි මල්ලි Wednesday, 20 June 2012 12:24 PM
මිනිස්සු මැරුවහම අලිත් ඔයවගේ කල් ගිහින් හරි අල්ලනවද ??
චුටි මල්ලි Wednesday, 20 June 2012 12:25 PM
මිනිස්සු මැරුවහම අලිත් ඔයවගේ කල් ගිහින් හරි අල්ලනවද?
සජී Monday, 18 June 2012 04:43 PM
අලිත් පවු.මිනිස්සුත් පවු.ඒත් මරණ එක නම් හොද නෑ. ඒක නෙමෙයි.මේ ප්‍රියන්තිට නම් පුදුම තරහක් තියෙන්නේ පිරිමිත් එක්ක.ඇයි ඒ?
දෙවිදත්තර Monday, 18 June 2012 01:18 PM
මගේ යාළුවෝ තමයි වැඩි හරියක් අලි මරනවාට කැමති.බුදුන්වහන්සේටත් ගල් පෙරලලා සංඝ භේදය කරලා නාලාගිරි ඇතු රා පොවලා ඉස්සරහට එවලා පව්කම් කරලා බුදුන් මරලා හරි බුදුබව ලබාගන්න මම උත්සාහ කරලා බැරිවෙලා දැන් අපායට වෙලා ඉන්නේ.හැබැයි කවදා හරි කාලාන්තරයක් ගත වෙලා හරි ඝට්ටිස්සර නමින් මමත් බුදුවෙනවා කියලා බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා.ඉතින් පව්කම් කරන අයට මම කියන්නේ අනේ මම වගේ අපාගත වෙන වැඩ නොකර හොඳදේවල් කරන්න කියලයි.
ඇටකිච්චා Thursday, 21 June 2012 10:37 AM
අනුත්තරා 2012-06-18 17:06:59 "අනේ ඇයි අය්යලා අන්කල්ලා බොරු ලියන්‍නේ මෙහෙම මට හිතා ගන්න වත් බැහැ.බොරු කියන්න හොද නැහැ.බොරු කියන් නේ නරක අය කියලා දහම් පාසැලේ ටීචර් කියලා දුන්නා පාඩමකදී.මගේ අයියා මා එක්ක සෙල්ලම් කලා.එයා කම්පියුටර් ගේම් ගහන්න මිසක් මේවා ලියන්න එන් නේ නැහැ.ඔයාලා ඇයි මගේ අයියා වගේ බොරුවට කියන්නේ.එහෙම කියන්න එපා අන්කල් බොරු කියන්න හොද නැහැ" හේවගේ අන්කල් මොකද එහෙනං ඔයත් මේවගේ බොරැනම්වලින් කමෙන්ට්ස් දාන්නෙ..?? ඔයාගෙ ජීව දත්ත සහතිකෙත් තියෙන්නෙ බොරැනෙ..
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 18 June 2012 12:43 PM
ආපෝ හරිම පව්කාර සිතිවිලි තියෙන පව් කාරයෝ ටිකක් තමයි අනේ ඔයගොල්ලො.බලන්න කියන පව් කතා.දුකක් නැද්ද?පව් අනේ අලියා මට දුකේ බෑ.අලියා මරපු මිනිහව උල තිබ්බත් මට නම් හිත්වදින්නේ නැහැ.
කඩවසම් කොල්ල Monday, 18 June 2012 04:46 PM
ප්‍රියන්ති !! පිරිමි ලයින් දන්නේ නැතුව කෙල්ලොන්ටද ලයින් දාන්ඩ කියන්නේ. කුමාරි නම් ඇතාගේ හොඬ වැලටලු කැමති. එකෙන් කාපුදාට තමයි කුමාරි ට සුරලොව පෙනෙන්නේ
සජී Monday, 18 June 2012 04:47 PM
ඔය අලිටික අල්ලලා සිරිකොතට දුන්නොත් නරකද?
දේවිකා රත්නායක Monday, 18 June 2012 01:26 PM
අනේ අලියා ගැන මට හරි දුකයි.රජය මේ වගේ දේවල් නොවෙන්න සුදුසු පියවරක් වහාම ගත යුතුයි කියලා හිතනවා.අදාළ වරද කළ කෙනාට උපරීම දඬුවම් ලබා දෙන්න.පව් අනේ අලියා..
ප්‍රසන්න Monday, 18 June 2012 01:37 PM
මේ සතුන්ටයි රටටයි, ආදරේකරන දේශපාලකයෝ ටිකක් බිහිවෙනකන්, අලි නිසා මිනිස්සු මැරෙන එකයි, මිනිස්සු නිසා අලි මැරෙන එකයි, වලක්වන්න බැහැ, සීතල කාමරවල ඉදලා තීරණ ගන්නේ නැතුව, මේ ගැටළු තියන පැතිවලට ගිහිල්ල මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඕන...
අනුත්තරාගේ පියා Monday, 18 June 2012 05:37 PM
මට මතකයි දුවව ඇතිනකගේ බඩ යටින් රින්ගෙව්වා පොඩි කාලේ දුව හරි කෙට්ටුයි ඒකයි. දෙන්නම් ඇතින්නගේ පිහිටෙන් ඔය ඉන්නේ අගේට.
කඩවසම් කොල්ල Monday, 18 June 2012 01:07 PM
කෙල්ලෝ ටික අලින්ට මාර ආදරයක්නේ තියෙන්නේ? අලියා වගා පාලුකරහම අර ගොවියාගේ මුළු මහන්සියම වතුරේ. මේ වැඩකට නැති සත්තු ටික අයින්කලාම අඩුම ගානේ අහිංසක ගොවියට කෑම ටිකවත් ඉතුරු වෙයි..
අනුත්තරා Monday, 18 June 2012 01:48 PM
මම පොඩි ළමයෙක් තමයි.තිසාහාමි අන්කල් ඔයා ඇත්තටම තිසාහාමිද?අපේ තාත්ති නම් කියලා තියෙන්නේ තිසාහාමි කියන්නේ වැදිජනතාවගේ නායකයෙක් කියලයි. ඇත්තටම ඔයා එයාද?ඔයාට දුක නැද්ද අන්කල් අලි මරන්න කියන්න.මම අසහලා තියෙන්නේ වැදි ජනතාව අලින්ට හරිම සමීපයි කියලයි.එත් ඔයා එහෙම නැහැ.ඒ නිසා මට හිතෙනවා ඔයා නම් ඇත්තටම තිසා හාමි නෙවෙයි කියලා.ඔයා වෙන කෙනෙක් වෙන්න ඇති. ඒකයි ඔච්චරම නපුරු කතා ලියලා තියෙන්නේ.පව් අනේ අලියා.
පොතේගුරා Monday, 18 June 2012 01:08 PM
මේ එක්දරු පියාගේ එකම දරුවා ගැන උණුවෙන හදවතක් මෙතන නැද්ද
ප්‍රියන්ති අල්විස් Monday, 18 June 2012 05:41 PM
අලියව මැරුවට හොදයි කියන ඔහෙලට අලියම ගහලා මරන්ඩ කියලා මම පුල්‍ලෙයාර් දෙවියන්ට කියනවා.පිරිමි වගේ කාලකණ්නි සත්තු ජාතියක් මම මගේ ජීවිත කාලෙටම දැකලා නැතුව ඇති.