IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලින්ට එරෙහිව විරෝධතාවක්

(උපුල් හේරත්)

අනුරාධපුර දැයට කිරුළ භූමියට වන අලින් රංචුපිටින් ගෙනත් දැමීමෙන් පසු ගොවින්ගේ බවබෝග මෙන්ම නිවාස වලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධව බලධාරීන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අද (30)  දහසකට අධික පිරිසක් එක්වී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

අද උදෑසන 07.00 පමණ ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට ගොවි ගෙවිලියන් මෙන්ම කුඩා දරුවන්ද විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

ඇතැම් ගෙවිලියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් , මහ විලච්චියට යන ප්‍රධාන මාර්ගය හා තන්තිරිමලේ දක්වා දිවෙන   ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කැලෑ අතු කොළ හා වන අලින් විසින් කඩා බිඳ දමා තිබූ පොල් ගස් ගෙනවිත් අවහිර කරනු ලැබීය.

මෙම උද්ඝෝෂණයට දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර, පොලිස් බුද්ධි අංශ,නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන් එහි රැඳී සිටියහ.

පැය දෙකකට  අධිකයක් මුළුල්ලේ මාර්ග ධාවනයට අවහිර ඇතිවිය.එය සංසුන් කිරීමට පොලිසිය දැරූ උත්සාහයන් බොහෝ සෙයින් අසාර්ථක විය.

තන්තිරිමලේ වැඩ බලන සහකාර පොලිස් අධිකාරී  ඩී.ප්‍රසන්න කුමාර මහතා හා ඔයා මඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක එචි.එමි.යු.සී.රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම උද්ඝෝෂණය සිදු කරන ස්ථානයේ රැඳීසිටියහ.

මෙම උද්ඝෝෂණය සඳහා ඔයාමඩුව,මහානිකවැව,නවෝදාගම,ආදී ගම්මාන විස්සකට නොඅඩු ජනතාවක් එක්ක සිටි අතර මේ  වනතුරුත් එම උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙමින් පවතී.

 



අදහස් (2)

අලින්ට එරෙහිව විරෝධතාවක්

Janindu Perera Monday, 30 December 2024 11:20 AM

සාමාන්‍ය ජනතාවට යන්න තියන පාරවල් හරස් කරලා මෙයාලා මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

:       6       16

himal Monday, 30 December 2024 04:02 PM

අලින්ටත් තියෙන්නේ මෙතැනට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්න. තමන්ගේ කැලෑ කපනවාට, කැලෑ ඉඩම් අල්ලා ගන්නවාට...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site