IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලුත් සංවිධායක ගැන ඒකාබද්ධ විපක්ෂය පරලවෙයි

20160310-ent-136හිටපු ලොකු තැනට හිතවත් පළාත් පාලන කස්ටිය සංවිධානෙ වෙන්න පටන් අරන්ලු. එයාල මේ වැඩේ කරන්නෙ ඉදිරි පළාත් ඡන්දෙ බලාගෙන කියලයි කියන්නෙ...


තිරය පිටුපස ආරංචිවලින් අහන්න ලැබෙන විදිහට මෙහෙම පළාත් පාලන කස්ටිය සංවිධානෙ කරන්නෙ පසුගිය ජනාධිපති ඡන්දෙන් හිටපු ලොකු තැනට පරාජයේ පාර පෙන්නපු එයාගේම පවුලෙ කෙනෙක්ලු... තමන් දේශපාලනේට එන්නැහැ කිය කියා මේ විදියට උන්නැහේ ආයෙම පරණ ලොකු තැනගෙ දේශපාලන වැඩවලට අතදමන එක ගැන මෙච්චරකල් හිටපු ලොකු තැන එක්ක දේශපාලන ගමන ගිය ඒකාබද්ධ විපස්සෙ කස්ටිය හොඳටම අප්සෙට්ලු....


හිටපු ලොකු තැනට අමාරැම කාලෙ උන්නැහේට ගොඩනැගෙන්න අත දුන්න පිරිස පැත්තක ඉද්දි නැවතත් පාක්ෂිකයන්ගෙ විතරක් නෙවේ තම තමන්ගෙ අය අතරවත් ජනප්‍රසාදයක් නැති කට්ටිය කිට්ටු කරගත්තොත් තමන්ගෙ දේශපාලන ව්‍යාපාරෙටත් අබ සරණයි කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නෙ.


දැනට මේ ගැන තැන් තැන්වල තියෙන්නෙ කුසුකුසු පමණයි. ඒත් අද හෙටම මේ අලුත් සංවිධායකගෙ ප්‍රශ්නෙ පුපුරන්න ඉඩ තියනව. හිටපු ලොකු තැන එක්ක මේ ප්‍රශ්නය කතා කරල දෙකෙන් එකක් බේරගන්නට කියලයි උන්නැහේට හිතවත් ඒකාබද්ධ විපක්ෂෙ කස්ටිය කියන්නෙ.

 



අදහස් (0)

අලුත් සංවිධායක ගැන ඒකාබද්ධ විපක්ෂය පරලවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site