IMG-LOGO

අලුත් මුහුණකට ඉඩ කඩ

2016-07-14-ent-08තමන්ගේ පක්‍ෂයෙ අණට අකීකරැව වැඩ කරන මහ ඇමැති සයිස් මහත්තයකුට ටිකට් එක ඇදෙන්න පක්‍ෂයෙ නායක කාරකාදීන් තිරය පිටුපස්සෙ ලොකු වැඩ පිළිවෙළක් කරගෙන යනවා කියලා ආරංචියි..

කෙටිකාලෙකින් කරළියට ආපු මහ ඇමැතිතැනට තිබෙන මහ චෝදනා අතරෙ පක්‍ෂ නායක තැනගෙ නියමයන් නොතකා හෑරීම පක්‍ෂ නායකත්වය ලබාගැනීම සඳහා යටි යටි සූත්තර ක්‍රියාවට නැංවීම වගේ ඒවා තියනවලු..

එච්චර විතරක් නෙවෙයි. තමන්ගෙ පක්‍ෂයට විරැද්ධව එළිපිට වැඩ කරන පක්‍ෂ හා කණ්ඩායම් එක්ක රහස් සතරකන් මන්ත්‍රණ පැවැත්වීම ගැනත් පැමිණිලි තියනවලු..

මේ සේරම උන්නැහේ කරන්නේ පක්‍ෂයෙ ජාතික ලැයිස්තු සයිස් මහත්තයෙක් උඩට ඒවි කියන බයටලු. මේ හුට පට නිසා මහතැන එක්ක තිබුණු විරසකේ හුඟක් දුර දිග ගිහිල්ලලු.. එකේ ප්‍රතිඵලයක් ලෙස මීළඟ පළාත් සභා ඡන්ද දෙදි මුන්නැහේ වෙනුවට මුන්නැහේ වගේම නීති විශාරදයෙක් ඔය කියන පළාත් සභාවට ගේන්න යනව කියන ආරංචිය දැන් උතුරැ පළාතෙ හුඟක් දෙනෙක් දන්නවලු... ඒත් ඒ ගැන උන්නැහේගෙ පක්‍ෂයෙන් කවුරැහරි ඇහුවොත් අනේ අපි දන්නෙ නැහැ.. අපි ඕවට නැහැ කියලා පක්‍ෂ නායක කස්ටිය දිරා මාරැවෙනව කියලත් කියනවා...

 

DESHAYA



අදහස් (0)

අලුත් මුහුණකට ඉඩ කඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site