(සුජිත් හේවාජුලිගේ )
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පතක් යොමු කළ බව මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය.
මැතිවරණ නීතියට අදාළව තමා ඇතුළු වර්තමාන කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණෙන් යුතුව අයදුම්පතක් මෙලෙස යොමු කළ බව පැවසූ හෙතෙම මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළේය.
මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමාද අයදුම් කළ බව සීමානිර්ණ කොමිෂන් සභාවේ වර්තමාන සභාපති සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පැවසීය.
මැතිවරණ කොමිසමට අමතරව සීමා නිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද දේශප්‍රිය මහතා අයදුම්පතක් යොමු කරනු ලැබ ඇත.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවය පිහිටුවීමේ කටයුතු බොහෝ දුරට ලබන සතියේදී කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත් 1600කට ආසන්න සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලැබී තිබිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලුත් මැතිවරණ කොමිසමට පුංචිහේවාත් කැමැත්ත දෙයි